බෞද්ධ දහම් පාසල් විභාග අධීක්ෂණයට මුස්ලිම්වරු දාලා !

හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාලයේ අද (23) පැවත්වෙන බෞද්ධ දහම් පාසල් අවසාන විභාගය සඳහා මුස්ලිම් 06 ක් යොදවා ඇතැයි බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

මේ අවස්ථාවේදී විභාගය පැවැත්වෙන අතර මෙය බෞද්ධ දරුවන්ටද ඉමහත් ගැටළුවක්වී ඇති බවත්, හිජාබ් ඇද සේවයට පැමිණි මුස්ලිම් කාන්තාවන් නිසා එම දරුවන් වික්ෂිප්තව සිටින බවත් එම සංවිධානය මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනයක සඳහන්වේ.එම නිවේදනය සමග දුර සිටි ගත් ජායාරුප කිහිපයක් ද ඒවා තිබේ. එම ජායාරුප බැලූ විට පෙනෙන්නේ ආරබියේ විභාගයක් පවත්වන ආකාරයක් බවද බොදු බල සේනා පවසයි.ඉන් 03 දෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන්ගේ ඇඳ සිටින්නේ හිජාබය බවත්, මෙහි තනි පුද්ගලයෙකු ලෙස සිටින්නේ ඉෂාක් නම් විභාග ශාලාධිපතිවරයා බවත් එම නිවේදනයේ සඳහන්වේ.


මීට අමතරව මෙම අවස්ථාව වීඩියෝ ගත කිරීමට ගත් උත්සහාය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා විසින් බාධා කළ බවද එම සංවිධානය පවසයි.

 මධ්‍යස්ථානයේ සඳහා පැමිණේන මුස්ලිම් ජාතිකයෙක්

 මේ සිදුවීමට සම්බන්ධ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා



Gossip Lanka Hot News Previous News Archive