ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරූප ගැන ප්‍රතිචාරයක් දක්වන්න බෑ


ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ ප්‍රගතිය ජාතික මට්ටමින් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කාර්යාලය පවසයි.එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ කණ්ඩායමේ නායක ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ඝාතනය කළ බවට වූ ඡායාරූප මෙන්ම වීඩියෝ පට ද ඊට අදාළ වාර්තා ද තමන් වෙත ලැබී ඇති නමුත් ඒ පිළිබඳ මේ මොහොතේ දී කිසිදු අන්දමේ ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බව මහලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ මාධ්‍යය ප්‍රකාශක වන මාර්ටින් නෙසර්කි සඳහන් කරයි. දෛනික මාධ්‍යය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා උපුටා දක්වයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැකසූ වාර්තා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිරික්සීමට සැකසූ වාර්තා නොවන අතර එය හුදු එක්සත් ජාතීන්ගේ සංවිධානය උදෙසා සැකසූ වාර්තා බව ද මාධ්‍යය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි. එතුළින් ගත හැකි යම් දෙයක් වෙතොත් එය ලබාගැන්ම හා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියාවට නැංවීම එහි අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive