අපි ඇප කැප වී සිටින්නේ නාමල් රාජපක්ෂ ජනපති කරවන්නයි - රෝහිත අබේගුණවර්ධන

තමන් ඇප කැපවී සිටින්නේ නාමල් රාපක්‍ෂ ජනාධිපති කරවීම සඳහා යයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. පානදුර නල්ලූරුවේ ගල්වැටිමෝදර ශ‍්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයක දී අබේගුණවර්ධන මහතා එසේ කීවේ ය.
ඒ මහතා මෙසේද එහිදී වැඩි දුරටත් කීවේය.
‘අද මේ විහාරස්ථානයේ වාහල්කඩ සහ බුදුමැදුර විවෘත කිරීමට මගේ ආරාධනය සිට සහභාගි වුණේ අපේ අනාගත ජනාධිපතිවරයා යි. අපි ලෑස්ති වෙන්නේ අනාගතයේ දී එයාට රට භාරදෙන්න යි. රටේ අනාගත නායකයා වීමට සිටින නාමල් රාජපක්‍ෂ මහතා මේ උත්සවයට සහභාගී කරවා ගැනීම නම් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගත් බුද්ධිමත් තීරණයක්.

අද එදා වගේ නෙවෙයි. උතුරේ යුද්ධය ජය ගැනීමෙන් පස්සේ ජනතාව අතර තරුණ පරපුර පන්සල්වලට යෑමට බෙහෙවින් නැඹුරු වී තිබෙනවා. ඒක හොඳ පෙරනිමිත්තක්. එසේ වී ඇත්තේ ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ මාසික ධර්ම දේශනය රටට අහන්න සැලැස්වීමෙන් පසුව යි. ඒ නිසා අභියෝග ආවත් අපි අපේ යුතුකම් ඉටු කරනවා.’

Gossip Lanka Hot News Previous News Archive