බුධ ග්‍රහයාගේ උතුරු සහ දකුණු ධ්‍රැවවල අයිස් පවතින බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.මේ බව තහවුරු කරගනු ලැබුවේ බුධ ග්‍රහයා පිළිබඳ පරීක්ෂණ සිදුකරන මැසෙන්ජර් යානය මඟින් ලබාදී ඇති දත්තවලට අනුව බවද එහි දක්වා තිබේ.මැසෙන්ජර් යානය බුධ ග්‍රහයාගේ කක්ෂය වෙත යොමු කෙරුණේ වසර 2011 මාර්තු මාසයේදීය.
බුධ ග්‍රහයාගේ ඡායාරූප රැසක් ද මැසෙන්ජර් යානය විසින් එවා තිබිනි.ඒවායෙන් ග්‍රහලෝකයේ වර්ණවත් සිතියසක් නිර්මාණය කිරීමටද විද්‍යාඥයන් හැකිවී ඇතැයි පැවසේ.තැඹිලි, තද නිල් සහ ලානිල් පැහැවලින් යුත් බුධ ග්‍රහයාගේ ඡායාරූප අනුව එහි ගිනිකඳු ඛනිජ වර්ග සහ භූ පැල්ලම්ද තිබෙන බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.