කසුන් කල්හාරගේ සංගීතයට නයි නලගනමියුසික් වීඩියෝවක
පහුගිය කාලයේ මාධ්‍ය වලින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නලගන ඔසවා තැබුවේ ඇය නිළියකටත් නොදෙවෙනි තැනක රඳවමිනි. ඇය පිළිබඳ අසන්නට ලැබුන දෑ නිසා ඇයව මේ වනවිට නොදන්නා කෙනෙකු නැති තරම්ය. මේ වනවිට නැවතත් ඇය පිළිබඳ කතාබහ කරන්නට පටන් ගෙන ඇත. ඒ ඇය කසුන් කල්හාර සංගීතවත් කළ මියුසික් වීඩියෝවක් සඳහා නර්තනයන් ඉදිරිපත් කරන්නට දායකවී තිබීමත් සමගය.
කසුන් කල්හාරගේ සංගීතයට හරේන්ද්‍ර හා මාධව නමැති නව පරපුරේ ගායකයින් ගයන "නාඳුනන දෑසින්" නමැති පිටවන්නට නියමිත ගීතයේ මියුසික් වීඩියෝවට මෙම නැටුම් ශිල්පිණිය සිය නර්තනයන් ඉදිරිපත් කරන බව වාර්තා වේ.
කාලයක් තිස්සේ මෙම ගීත නිර්මාණය සකස් කරන්නට වෙහෙස දරමින් සිටියදී එහි රංගනය සඳහා නයිට් ක්ලබ් ඩාන්ස් කරන තරුණියක සොයමින් සිටි බවත් ඒ සඳහා වඩාත් ගැලපෙන කෙනෙකු ලෙස මෙම නර්ථන ශිල්පිණිය තෝරාගෙන ඇයව සම්බන්ධ කරගත් බවත් නිර්මාණකරුවන් පවසයි.
මෙම ගීතයේ වීඩියෝව තව නොබෝ දිනකින්ම නිකුත් කරන්නට නියමිතය. මෙම රංගනයට දායකවූ නයි නලගන පවසා ඇත්තේ ඇය මියුසික් වීඩියෝවෙන් නතර නොවන බවත් ඉදිරියේදී නිරූපිකාවක් වන්නටත්, රූපවාහිනී නිවේදිකාවක් වන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මෙම නර්ථන ශිල්පිණිය යොදාගනිමින් කරණ ලද වීඩියෝ පටය අතිශයින් පේ්රක්ෂක අවධානය දිනාගනු ඇතිවාට කිසිම සැකයක් නැත. නයි නළගනගේ සමාජශාලා නැටුම් බලන්නට යන්නට බැරි අය මේ තුළින් හෝ ඇය නර්ථවයේ යෙදෙනු බැලීමට මිනිසුන් උත්සුක වනු නොඅනුමානය.
මෙම තරුණ ගායකයින් නයි නළගන මෙම ගීතය සඳහා යොදා ගැනීම තුළම ඇත්තේ ඔවුන් ට ජනප්‍රිය වීමේ අවශ්‍යතාව පැහැදිළිවම ඇති බවයි. නිරෝෂා නැමැති නළගන, "නර්ථන ශිල්පිණියක" ලෙස සමාජ ගතවීම නුදුරේම බලාගැනීමට හැකිවනු ඇත. ඇය නිවේදිකාවක් ලෙස යොදා ගැනීමට කුමන රූපවාහිනී මාධ්‍යයත් ඉදිරිපත්වේදැයි මේ මොහොතවන විටත් කිසිවකු නොදනී. ඇය බොරු කාරියක ලෙසම හංවඩු ගැසූ පෞද්ගලික නාලිකා වළින් ඇයව නිවේදිකාවක් කරවීම අරුම පුදුමයක් නොවනු ඇත. ඇය විලාසිතා ඉදිරිපත් කරන්නියක් ලෙස සමාජ ගතවුවහොත් ඇය ගේ සළුපිළි ඉරා දැමූ මාධ්‍යම ඇයව මෝස්තර නිරූපිකාවක් ලෙස හඳුන්වා දෙනු ඇත. එවිට නයි නළගන වෙනුවට නිරෝෂා විමලරත්න කෙනෙක් සමාජ ගතවනු ඇත. අපි බලා සිටිමු. නිරෝෂා ට ,නිරෝෂා විමලරත්න වන්නට මාධ්‍ය කුමන ආකාරයේ පසුබිමක් සකසා දෙනු ඇති ද යන්න පිළිබඳව
උපුටා ගැනීම- Mirror arts