පෙට්‍රල් රුපියල් 3 කින් හා ඩීසල් රුපියල් 6 කින් ඉහල ය යි
අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.
කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.ජාත්‍යන්තර වෙළෙද පොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි
ලංකා අයි.ඕ.සී සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කළේය.
කෙසේ වෙතත් අයි.ඕ.සී. සමාගම ඩීසල් මිල ගණන් ඉහළ දමා නැත. ඒ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වෙයි.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කඩිනමින් බස් ගාස්තු සංශෝධනය කෙරෙහි අවධානය යොමුව ඇතැයි පෞද්ගලික බස් හිමියන් පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා අද දිනයේ තම සංගමයේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වන බවය.