වෙන රටක දේශපාලන රැකවරණ පතන අයට ලංකාවේ පුරවැසිභාවය නෑ

ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් වෙනත් රටවල දේශපාලන රැකවරණ පතන්නන් හට නව පුරවැසි පනත යටතේ මෙරට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ නොහැකි බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.නව පුරවැසි පනත යටතේ වෙනත් රටවල දේශපාලන රැකවරණ පතන ශ්‍රී ලාංකිකයන් මෙරට පුරවැසිභාවයෙන් ඉවත් කරන බවත්, ඔවුන්ට නැවත මෙරට පුරවැසිභාවය ලබාගැනීම සඳහා කොහෙත්ම ඉඩක් ලබා නොදෙන බවත් පෙරේරා මහතා පැවැසීය.

පුරවැසි පනතේ නව සංශෝධන පිළිබඳ ආගමන විගමන පාලකවරයාගේ අදහස් විමසූ විට එසේ පිළිතුරු දුන් ඒ මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් ද්විත්ව පුරවැසිභාවය (Dual Citizenship) ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවන බවද සඳහන් කළේය.

ඒ මහතා එහිදී මෙසේද පැවැසුවේය.
පුරවැසි පනතේ නව සංශෝධන මේ වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යටතේ සකස් වෙමින් පවතිනවා. ඒවා ලැබුණු වහාම නව නීති පැනවීමට අප බලාපොරොත්තු වෙනවා.නව නීති යටතේ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලන අයකුගේ සුදුසුකම් පිළිබඳ තදින් සොයා බලනවා. ඒ වගේම මෙරටින් පලා ගොස් වෙනත් රටවල රැකවරණ පතා සිටින අයට නැවත මෙරට පුරවැසිකම් ලබාගන්න බැහැ. එවැනි අයට කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ.

ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කරන අයැදුම්කරුවන් ආරක්ෂක ලේකම්වරයා හා සම්මුඛ සාකච්ඡාවකට කැඳවන බවට පළවී තිබූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළ ආගමන විගමන පාලකවරයා සුදුසුකම් ලබන සියලු දෙනාට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන බවත් දැනටමත් ඒ සඳහා අයැදුම්පත් 750 ක් පමණ ලැබී ඇති බවත් සඳහන් කෙළේය.
පතන ශ්‍රී ලාංකිකයන් මෙරට පුරවැසිභාවයෙන් ඉවත් කරන බවත්, ඔවුන්ට නැවත මෙරට පුරවැසිභාවය ලබාගැනීම සඳහා කොහෙත්ම ඉඩක් ලබා නොදෙන බවත් පෙරේරා මහතා පැවැසීය.


Gossip Lanka Hot News Previous News Archive