දෙමළ සරණාගතයින්ට ලන්ඩන් මහාධිකරණය පිහිටවෙයි

බි‍්‍රතාන්‍යයේ සිටි දෙමළ සරණාගතයන් පිරිසක් රටින් පිටුවහල් කිරීම වළක්වමින් ලන්ඩන් මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. බී.බී.සී. ලෝක සේවය පැවසුවේ මෙම පිරිස අද දිනයේ ශ‍්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබූ බවයි. මෙම සරණාගතයන් පිරිස අධිකරණය හමුවේ ගොනු කර තිබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ලන්ඩන් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ඔවුන් පවසා ඇත්තේ තමන් යළිත් ශ‍්‍රී ලංකාවට ගියහොත් විවිධ හිරිහැරවලට ලක්වීමට ඉඩ ඇති බවයි.ඒ අනුව තම ගැටලූ පිළිබඳ බි‍්‍රතාන්‍ය සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් රටින් පිටුවහල් කිරීම වළක්වන්නැයි ඔවුන් ඉල්ලා තිබූ බව බී.බී.සී.ලෝක සේවය වාර්තා කළා.
මෙලෙස ශ‍්‍රී ලංකාවේ දෙමළ සරණාගතයන් බි‍්‍රතාන්‍යයෙන් පිටුවහල් කිරීම එරට අධිකරණයක් විසින් වළක්වනු ලැබූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

මේ අතර ඇතැම් මානව හිමිකම් සංවිධාන ද පවසන්නේ ශ‍්‍රී ලංකාවට යළි පිටුවහල් කරන ඇතැම් දෙමළ සරණාගතයන් විවිධ හිරිහැරවලට ලක්වන බවයි.එල්.ටී.ටී.ඊ.සංවිධානයට සබඳතා ඇති බවට එල්ල වන චෝදනා මත ඔවුන් විවිධ හිරිහැරවලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව රජය මෙම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.

මුලාශ්‍රය: Tamil deportations from UK blocked by London High Court

Gossip Lanka Hot News Previous News Archive