උන හපුලුවාට ඌගේ පැටියා මැණිකකි.”මෙවන් කියමනක් සිංහල ජන සමාජයේ අනාදිමත් කාලයක සිට පැවත එයි. ඒ කතාව සැබෑවක්ය. මවකට හෝ පියෙකුට තමන්ගේ දරුවා තරම් අගනා වස්තුවක් තවත් නැත. ඒ ඔවුන් තුළ ඇති උදාර දරු සෙනෙහසය. ඒ වෙනුවෙන් මාපියන්ට නොකළ හැකි දෙයක් නැත. එය මිනිසාට මෙන්ම තිරිසන් සත්ත්වයාටද පොදු ධර්මතාවකි. එහෙත්... එවන් මාතෘත්වයක් හිමි අම්මා කෙනෙකු තමන් ජාතක කළ දියණියන් මුදලට විකුණන්නට තරම් සැහැසිවන්නේ නම් ඒ මව ගැන කිනම් කතාද?
මේ කතාව ඇසෙන්නේ නාවලපිටියෙනි. නාවලපිටිය ගම්පොළ පාරේ පත්තුනුපිටිය නම් ගමේ පුංචි කුරුලු කැදැල්ලකි. කාමර දෙකකින් සහ කුස්සිය, සාලය යන අංග වලින් සමන්විත මෙම කුරුලු කැදැල්ල තවමත් සම්පුර්ණයෙන්ම සාදා නිමකොට අවසාන වී නොමැත. මේ කැදැල්ල සමන්විත වන්නේ මව හා පියා සමඟ කෙලි පැටික්කියන් තිදෙනෙකුගෙනි.
වැඩි මහල් දියණියගේ වයස අවුරුදු දහ හතකි. ඇය යොවුන් තරුණියකි. දෙවැනි දියණිය වයස අවුරුදු දහ හතර ඉක්මවා සිටී. බාල දියණියට තවමත් වයස අවුරුදු හතක් පමණි. මේ දියණියන් තිදෙනාගේ පියාට හරි හමන් රැකියාවක් නැත. හිටි හැටියේ ඔහු කුලී වැඩකට යන්නේ කීයක් හෝ හොයා ගැනීමටය. කෙතරම් අඩුපාඩු තිබුණද නොවරදවාම දිනපතාම මත්පැන් පානය කිරීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. නැති බැරි කම කරපින්නාගෙන ජීවත්වීම නිසාත් උස් මහත්වන දියණියන් තිදෙනා ගැන සිතූ නිසාත් මැද පෙරදිග ගියාය. ඉන් හරි හම්බ කරගත් කීයක් හෝ මිට මොලවාගෙන ඔහුගේ බිරිය මීට වසර කිහිපයකට පෙර පැමිණි ඇය දියණියන් තිදෙනා සමඟ ජීවිත සටනට උර දුන්නාය.
කාලය මෙසේ දිනෙන් දින ගතවිය. නැති බැරි කම මේ කුරුලු කැදැල්ලට පියඹාගෙන ආවේ නිරායාසයෙන්ය. කරකියා ගත හැකි දෙයක් නැති තැන දියණියන්ගේ මව ඊට කදිම විසඳුමක් සෙව්වාය. අවසානයේ ඊට මුහුණ දෙන්නට සිදුවූයේ ඇගේ වැඩිමහල් දියණියන් දෙන්නාටය. යොවුන් වියට එළැඹි ඔවුන්ට සිදුවූයේ ඔවුන් සොයා එන පිරිමින්ගේ සිත් සතන් සතුටු කරන්නටය. අහල පහළ උදවිය මේ සියල්ල දෙසම ඇස ගසා ගෙන සිටියහ.
ගම්පොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය. නාවලපිටියේ සිට පත්තුනුපිටියට කිලෝමීටර හතරක් පමණ ඇත. ස්ථානාධිපතිනිය සිද්ධියේ ඇත්ත නැත්ත සොයන්න එම නිවස බලා ගියාය.
ඇය එම නිවසට යන විටත් ගෙදර දොර වසා තිබිණි. ඒ දුටු ගෙදර කිසියම් අකටයුත්තක් සිදුවන බව ඇය අනුමාන කළාය. ඒ කිහිප වතාවක්ම දොරට තට්ටු කිරීම නිසාය.
දොර විවර කරමින් යොවුන් තරුණියක් ඉදිරියට ආවාය. ඇය ඇදන් හිටියේ දුහුල් නයිටියක්ය. ඇය එලෙස සිටීම ස්ථානාධිපතිනියගේ සැකයට හේතු වූවාය.
“ඇයි මේ දොරවල් වහගෙන...?”
පොලිස් නිලධාරිනිය ඇගෙන් ප්‍රශ්න කළාය. ඇති වූ සැකය ද සිත්හි තබාගෙන ඇය නිවස තුළට පිය මැන්නාය.
“ගෙදර කවුද ඉන්නේ... කෝ අම්මා...?”
ඇය තරුණියගෙන් ප්‍රශ්න කරන්නට වූවාය.
“අම්මා පල්ලෙගම මාමලාගේ ගෙදර ගියා...” තරුණිය කීවාය.
“කවුද ගෙදර ඉන්නේ...”
“මමයි නංගියි”
එසේ කියන ගමන් නිලධාරිනිය නිවෙස තුළ වු කාමරවලට එබිකම් කළාය.
“මේ කවුද?”
එක් කාමරයක වූයේ හැඩි දැඩි පිරිමියෙකි.
“මම යාළුවෙලා ඉන්න කෙනා...”
ඇය අනෙක් කාමරය ද සෝදිසි කළාය. එහි වූයේ ඇගේ නැගණියයි. එහිද වූයේ මැදිවියේ පිරිමියෙක්ය.
කාමරතුළ සිදුවන දේ ගැන පොලිස් නිලධාරීන්ට ඒත්තු යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. නිලධාරිනිය කාමරයේ සිටි පිරිමින්ගෙන් ප්‍රශ්න කරන්නට වූවාය. ඔවුන් කීවේ ඔවුන් වෙන දවස්වල ද මෙසේ ගෙදරට එන බවය. ඒ දියණියන්ගේ මවගේ කැමැත්ත ඇතිව බව ද ඔවුහු කිහ.
වැඩි මහල් දියණිය බාල වියේදීම කිසියම් පුද්ගලයෙකුගේ අතවරයට ලක්වී තිබිණ. ඉන් පසු ඇය රැකියාවක් සොයාගත්තාය. ඒ “කොමිනිකේෂන්” එකකය. එහි හිමිකරුවා වූයේ ඔහුය. එදා පටන් ඔහුගේ අනියම් පෙම්වතිය වූයේ ඇයයි. ඒ සබඳකමක් නිසා ඔහු මේ ගෙදරට ආවා ගියේය. ගෙදර අයටද සැලකුවේය. ඒ මිල මුදල් වලින්ය.
තව දුරටත් සොයා බලද්දී ඔහු විවාහකයෙකු බවද පොලිසිය අනාවරණය කරගත්තේය. ඔහු දරු තිදෙනෙකු ගේ පියෙකු වන හතළිස් හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් විය.
ඊළඟට නිලධාරිනියගේ ඇස එල්ලවූයේ බාල නැගණිය වෙතය. ඇය සමඟ රැඳුණු පිරිමියා ද මුස්ලිම් ජාතිකයෙක්ය. වයස අවුරුදු තිස් හතකි. දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. ඒ වයසට සමාන දියණියක් ඔහුටද සිටී.
“අම්මා දැන්මම එන්නේ නැද්ද?”
පොලිස් නිලධාරිනිය තව දුරටත් බාල දියණියගෙන් මව ගැන විමසුවාය.
“අම්මා අක්කට කෝල් එකක් දුන්නා... දීලා ඇහැව්වා ඒ අය ආවද කියලා. අක්කා කිව්වා ඔව් කියලා...”නිලධාරිනියට දියණිය පිළිබඳ සැකයක් මතුවූවාය.
පොලිස් නිලධාරිනියගේ ඊළඟ ප්‍රශ්නය වූයේ මෙම දියණියන් දෙදෙනාට මේ සඳහා මුදල් ලැබෙනවාද දැනගැනීමය.
“මට නම් සල්ලි දෙන්නේ නැහැ. අම්මටයි අක්කටයි දෙනවද මම දන්නේ නැහැ. “
බාල දියණිය එසේ කීවද පොලිස් නිලධාරීන් එතැනට පැමිණි එක් පිරිමියෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත්තේ ලොකුª දුවට රුපියල් දහසක් දුන් බවකි. ඒත් පොලිසිය ඔහුගේ කතාව විශ්වාස කළේ නැත. ඊට වඩා මුදලක් මොවුන්ට ලැබෙන බව පොලිසියේ සැකය විය.
මේ අතර පොලිස් නිලධාරීන් බොහෝ වේලාවක් ඔවුන්ගේ නිවසේ රැඳී සිටියේ ඔවුන්ගේ මව සොයා ගැනීමටය. එහෙත් ඇය එතැනට ආවේ නැත. එතැන සිටි මිත්තනිය කීවේ දරුවන්ගේ මව මාමලාගේ ගෙදර ගිය බවකි. අවසානයේ නිවසේ සියල්ලෝම පොලිස් ස්ථානයට රැගෙන ගිය නිලධාරිනිය මේ පිළිබඳ උසස් නිලධාරීන් දැනුවත් කරන්නට වූවාය.
දැරියන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය මඟින් නාවලපිටිය රෝහලට ඇතුලත් කළේ මේ අතරය.
ඊට පසුවදාම දැරියන්ගේ මව හා පියා රෝහලට පැමිණ සිටින බව නිලධාරිනියට තොරතුරක් ලැබුණාය. ඇය වහාම රෝහලට ගොස් දෙදෙනාම පොලිසියට කැඳවාගෙන ආවාය.
“තමන් ඊයේ කොහේද හිටියේ...?”
නිලධාරිනිය මවගෙන් ප්‍රශ්න කළාය.
“මම කඩේට ගිහින් හිටියෙ මෝනා”
“එතකොට කවුද අර ගෙදර හිටිය පිරිමි දෙන්නා.?”
“එයාලා වෙනදත් එනවා. එදා මම කිරි පිටි ගේන්න පහළ කඩේට ගිහින් එනකොටත් එයාලා ඇවිත් හිටියෙ ...ඒ එන්නේ හැඳුනුම්කමට මෝනා...”
ඇය සටකපට ගැහැනියක් බව නිලධාරිනියට වැටහුණාය.
එහෙත් ගෙදරට පැමිණ සිටි එක් පිරිමියෙකු ගෙදරට පැමිණි හේතුව පොලිසියට කීවේය. ඒ අනුව පොලිසිය සැකකරන්නේ මව සිය දියණියන් දෙදෙනා විකුණා ඇති බවකි.
දැරියනගේ මව්පියන් අධිකරණයට ඉදිරිපත් කරමින් නාවලපිටිය පොලිසිය ඔවුන්ට චෝදනා කිහිපයක්ම ඉදිරිපත් කොට තිබුණි. දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම, ළමා අපයෝජනයේ යෙදවීම, දරුවන්ට නිසි අධ්‍යාපනය හා ආරක්ෂාව ලබා නොදීම හා නොසලකා හැරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කෙරිණි.
ගම්පොළ කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු සහකාර පොලිස් අධිකාරී විමලදාස යන මහත්වරුන්ගේ අධීක්ෂනය මත නාවලිපිටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර මහතාගේ උපදෙස් අනුව කාන්තා ළමා කාර්්‍යාංශයේ ස්ථානාධිපති මාලනී මැණිකේ, සැරයන් අමරසිංහ (45199) කොස්තාපල් හේරත්(71112) කාන්තා පොලිස් කොස්තාපල්චතුරිකා (1922හා නදීෂිකා (8778) යන පොලිස් නිලධාරිහුද මෙම වැටලීමට එක්ව සිටියහ.
උමේෂා සිරිවර්ධන