රටේ යහපැවැත්ම වෙනුවෙන් වීසා දුන්නේ නෑ- ආගමන විගමන පාලක

ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිතයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා බලපත් නිකුත් නොකළේ රටේ යහපැවැත්ම වෙනුවෙන් බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා පවසයි. ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිතයන් ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු සදහන් කර තිබේ.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග ක‍්‍රියාවලියක් මගින් ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර නීතීඥ සංගමය විසින් මෙරටට එවීමට සැළසුම් කර තිබුණි.මෙම කණ්ඩායම පසුගිය සිකුරාදා මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දී තිබුණු අවසරය ශ්‍රී ලංකා ආණ්ඩුව අවසාන මොහොතේ ඉවත්කර ගැනීම හේතුවෙන් සිය දූත පිරිසක සංචාරය අවලංගු කිරීමට බල කෙරී තිබෙන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය සදහන් කර තිබේ.

ජාත්‍යන්තර නීතීඥ සංගමය මගින් නම් කළ එම සිව්පුද්ගල නියෝජිත කණ්ඩායමට ඇතුළත් ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ.එස්. වර්මා තමා ඉන් ඉවත් වන බව ප‍්‍රකාශ කර ඇතැයි වාර්තාවෙයි.
එහෙත් එය වීසා බලපත් අවලංගු කිරීමේ ප‍්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බවයි ඔහු හින්දු පුවත්පතට ප‍්‍රකාශ කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive