මෙවර කැබිනට් සංශෝදනයේදී සිනී ඇමතිවරයෙකු පත්කර ඇතත් තවමත් සිනී ඇමතිවරයාගේ විෂය පථය තීරණ කර නැත. මේ අනුව සීනි ඇමතිවරයා සේ පත්කෙරුණු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට ඇත්තේ ඇමති ධුරය පමණකි.
කැබිනට් තීරණ දැනුම් දීමට ඊයේ (31 )පවතී මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේ සීනි ඇමැතිධුරයට අයත් විෂය පථය තවමත් ගැසට් කර නොමැති බවයි. "ලංකාව සිනිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම ඇමති ධුරයේ අරමුණක් විය හැකියැ"යි කැබිනට් ප්‍රකාශකවරයා කිවේය.

මෙවර කැබිනට් සංශෝධනයට පසුදා මාධ්‍ය හමුවක් කැදවූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව මෙහෙම යනවිට පරිපු ඇමති , හාල් මැස්සන් ඇමති වැනි ඇමතිවරුන් ද පත්කරනු ඇති යනුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් එදිනම මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ මෙම කැබිනට් සංශෝධනයේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව හා රාජපක්ෂවරුන්ට කෙතරම් ආවඩන වා ද ,කෙව්ට්ටකම් කරනවා ද යන්න පදනම කරගනිමින් කැබිනට් සංශෝධනය කර ඇති බවයි.