බුද්ධ ප්‍රතිමා අලෙවිය සහ ප්‍රදර්ශනය තහනම් කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. ”වොෂින්ටන් ටයිම්ස්” ඇතුළු විදෙස් වෙබ් අඩවි කිහිපයක් අනාවරණය කළේ ඉරානය තුළ බුදු දහම ප්‍රචලිත වීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ටෙහෙරාන් නගරයේ වෙළඳසැල්වල විකිණීමට තබා ඇති බුද්ධ ප්‍රතිමා රාජසන්තක කිරීම ආරම්භ කර තිබෙනවා. ඉරාන බළධාරීන්
බුද්ධ ප්‍රතිමා සංස්කෘතික ආක්රමණයේ සංකේතයක් ලෙසින් සළකන බවයි”වොෂින්ටන් ටයිම්ස්”වෙබ් අඩවිය වාර්තා කළේ. ඉරානයේ ඉස්ලාමීය සංස්කෘතිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් එරට බළධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. කෙසේවෙතත් ඓතිහාසික වශයෙන් ගත් කළ බුදු දහම ව්‍යාප්ත වූ රටක් ලෙසද ඉරානය සැළකෙනවා.