With You, Without You ප්‍රංශයේදී හොඳම චිත්‍රපට සම්මානය දිනයි

නෙට් පැක් සම්මානයත් ප්‍රසන්නටයි

ප්‍රංශයේ වෙසුල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි ‘රන් පා පැදිය’ (Golden Cyclo) සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය දිනා ගත්තේය. මේ සම්මානය මෙවර හිමි වූයේ කොරියාවේ ‘ජෙසූයීල්’ චිත්‍රපටය සමඟ සම සම්මානයක් ලෙසය.

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහා නෙට්පැක් ජූරියේ හොඳම ආසියානු චිත්‍රපටය උදෙසා පිරිනැමෙන ‘නෙට්පැක් සම්මානය’ ද ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයට හිමි විය.

මෙවර වෙසුල් ජූරිය ඉන්දුනීසියානු ජාතික අධක්‍ෂවරයකු සහ ලේඛකයකු වන ගැරින් නුග්රෝහෝ ගේ ප්‍රධානත්වයෙන් යුතු වූ අතර ජූරි සභාව ගෞතම් ගෝෂ් (ඉන්දියාව), සෑම් හෝ (හොංකොං), බරාන් කොසාරි (ඉරානය) ගෙන් සමන්විත විය. සිද්ධික් බැරමක් (ඇෆ්ගනිස්ථානය), මාරා මාටා (ඉතාලිය) සහ කැවිච් නේන්ග් (කාම්බෝජය) නෙට්පැක් ජූරිය නියෝජනය කළහ.

සම්මාන ලැබූ 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය ප්‍රංශයේ පැරිස් අගනුවර චමිලි ගිමේ කෞතුකාගාරයේදී අප්‍රේල් මස 05 දා තිරගත වනු ඇත.

යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි.තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි.
සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භායානක හෙයක් කියන තුරු පමණි.








Gossip Lanka Hot News Previous News Archive