ලොව වැඩිම ජනගහනය එක්වන ආගමික උත්සවය ලෙස සැලකෙන“ කුම්භ මේලා “උත්සවය වඩාත් ශුභ දිනය අදයි.ඒ අනුව අද දිනයේ මිලියන 30 කට අධික ජනතාවක් ගංගා සහ යමුනා ගංගාවල ගිලී කුම්භ මේලා උත්සවය සැමරීමට නියමිත බව ඉන්දීය වාර්තා කියයි.
පසුගිය ජනවාරි 14 වනදායින් ඇරඹි මෙම කුමභ මේලා උළෙල දින 55 ක් පුරා ක්රියිත්මක අතර ඒ අතර ශුභ දවස් 6ක් උදාවෙයි.ඒ අතරින් වඩාත් සුභ දිනය අද ලෙස විශ්වාසයක් පවතී.මේ නිසා අන් සියලු දිනවලට වඩා වැඩි බැතිමතුන් පිරිසක් කුම්භ මේලා සමරමින් ගංගා සහ යමුනා ගංගා වල ගිලි දෙවියන් ඉදිරියේ පාරිශුද්ධත්වයට පත්වීමට නියමිකි බව ඉන්දීය වාර්තා කියයි
මෙම කුම්භ මේලා උත්සවය ආකාර කිහිපයකින් පැවැතිවෙන අතර “ආද් කුම්භ“ උත්සවය සැම සය වසරකටම වරක් සමරනු ලබති.“පුර්ණ කුම්භ‘ උත්සවයක් යෙදෙන්නේ සෑම 12 වසරකට පෙරයි.එමෙන්ම “මහා කුම්භ“ උත්සවයක් සමරනු ලබන්නේ වසර 144කට වරක් වන අතර එවන් උත්සවයකට සහභාගිවිමට අවස්ථාව සැලසීම හින්දු භක්තිකයින්ගේ අධ්‍යාත්මික ජීවිතය තුළ විශේෂතම අවස්ථාවක් ලෙස සැලකෙයි.
කුම්භ මේලාව පැවැත්වෙන දින 55ක කාලය තුල ඊට මිලියන 100 ක්පමණ ජනතාවක් එක්වනු ඇතැයි අපේක්ෂිත අතර ඔවුන් වෙනුවෙන් වර්ග කිලොමීටර 20 ක ප්‍රමාණයක් වෙන් කර තිබේ.ඉන්දියාවේ නන් දෙසින් පැමිනෙන බැතිමතුන්ට නවාතැන් ගැනීම සදහා මෙම ඉඩ වෙන් කර ඇති අතර ඔවුන්ට ජලය ලීටර් මිලියන 80ක් සැපයෙන බව වාර්තාවෙයි.මෙම උළෙලේ ආරක්ෂාවට පොලිස් නිළධාරින් 30000ක් යොදවා ඇති අතර වෛද්‍යවරු 243 ක් යොදවා සිටියි.