ණය බර වැඩි වී පියා දරුවන්ට වසදීලා !

පියා විසින් තම දරුවන් තිදෙනාට වස ලබාදීමෙන් පසු පියා හා දරුදෙදෙනෙකු මියගොස්, අනෙක් දරුවා අසාධ්‍යව රෝහල්ගත කිරීමේ සිද්ධියක් මහනුවර පොලිසියෙන් වාර්තා වේ.

මියගිය දරුවන් දෙදෙනා පිරිමි දරුවන් බවත් ඔවුන් අට හැවිරිදි හා සිවුහැවිරිදි වියේ පසුවන බවත් පැවසේ. මෙසේ මියගොස් ඇත්තේ මහනුවර, අංක 67/ඒ, පේරාදෙණිය පාර,කටුකැලේ ලිපිනය පදිංචිව සිටි උදය කුමාර් (පියා - 44), ලදුර්ෂන් (08) හා ලදිෂ්කර් (04) යන තිදෙනාය.රෝහල්ගතව සිටින දරුවා 14 වන වියේ පසුවන බව පැවසේ.මොවුන්ගේ මෘත ශරීර මහනුවර රෝහලේ මෘත ශරිරාගාරයේ ඇත.

දරුවන්ගේ මව පොලීසියට ප‍්‍රකාශ කර ඇත්තේ අධික ණය බර නිසා ඔවුන් පීඩාවට පත්ව සිටි බවයි. පියා ස්වර්ණාභරණ නිපැයුම්කරුවෙකු ලෙස නිවසේම ස්වයං රැකියාවක යෙදී සිටි අයෙකි. එහෙත්,ණය ගෙවා දැමීමට එයින් ලද ආදායම ප‍්‍රමාණවත් නොවු බවද පැවසේ.

Gossip Lanka Hot News Previous News Archive