විදුලිය ජනන ගාස්තු ඉහළයාම නිසා ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදයකට විසඳුමක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය එය ඉදිකළ චීන සමාගමට ම පැවැරීම සඳහා රජය එම සමාගම සමඟ සාකච්ඡුා කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා රජය චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1350ක ණය මුදලක් ලබාගෙන තිබෙන අතර එම ණයට හිලවු කිරීම සඳහා බලාගාරය එය ඉදිකළ චීනයේ සී.එම්.සී.ඊ. සමාගමට පැවරීමට රජය බලාපොරොත්තුවේ.විදුලිය ජනක ගාස්තු ඉහළයාමෙන් මණ්ඩලය මුහුණ පා සිටින මූල්‍ය අර්බුදයකට විසඳුමක් වශයෙන් විදුලිබල මණ්ඩලයෙන් රජයට විකල්ප දෙකක ඉදිරිපත් කර ඇත.විදුලිය ගාස්තු ඉහළ නැංවීම පළමුවැනි විකල්පය වන අතර නොරොච්චෝල බලාගාරය චීන සමාගමට පැවරීම දෙවැනි විකල්පය වන බවත් මෙම විකල්පය කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු වී ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මෙගාවොට් 900ක ධාරිතාවකින් යුක්ත වන අතර එය පළමු අදියරේ මෙගාවොට් 300ක් ද දෙවන අදියරේ මෙගාවොට් 600ක් ද වශයෙන් සමන්විත වේ.නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් 2007 වසරේ මැයි මාසයේ දී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 450ක් ද දෙවන අදියර සඳහා එම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක් ද වශයෙන් ණය ආධාර ලබා දී තිබේ.
චීනයේ එක්සිම් බැංකුව මඟින් සියයට 2ක පොලී අනුපාතයක් යටතේ මෙම ණය නිකුත් කර ඇත්තේ වසර 20කින් ගෙවා නිමකිරීමේ කොන්දේසිය මත ය.නොරොච්චෝල බලාගාරය චීනයට පැවරීමේ කොන්දේසිවලට හිටපු විදුලිබල ඇමති චම්පික රණවක මහතා විරෝධය පළකර තිබු අතර, ඔහුව එම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට එම කාරණයද බලපෑ බව මාධ්‍ය වාර්තාකර තිබිණ.