එජාප නියෝජ්‍ය නායකයා පත් කර ගැනීමට මාස කිහිපයක් මුළුල්ලේ තෙබරබාමින් සිටින නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීම සඳහා වන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ.
සමහරුන් කියන්නේ මේ නියොජ්‍ය නායක ධූරය පක්ෂයට වාතයක් වී ඇති බවත් එම නිසා ධූර 4 ක් පමණ ඇති කොට එම ධූරය විහිළුවක් බවට පත් කළ යුතු බවත් ය. එවැනි අදහස් දක්වන අය නොතකා හරින්නේ ඉන් තම පක්ෂයේ නියෝජ්‍ය නායකයා යන ධූරය හෑල්ලූ වී පක්ෂයද හෑල්ලූ වන බවයි.
කෙසේ වෙතත් දැනට ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක යන සිව් දෙනාටම නියෝජ්‍ය ධූර දෙනවාද යන්න කතා වී ඇති අතර එහිදී එක් එක් අයට දෙන්නේ කප්පාදු කරන ලද නියෝජ්‍ය නායක ධූරයන්ය. එනම් ඔවුන්ගේ නියෝජ්‍ය නායක ධූරය බලපාන්නේ එක් එක් පළාත් වලට පමණි. උදාහරණයක් ලෙස කිරිඇල්ලගේ නියෝජ්‍ය නායක ධූරය ඔහු දේශපාලනය කරන උඩරට ප්‍රදේශ අතහැර වෙනත් ප්‍රදේශ සඳහා නියෝජ්‍ය නායකයා වේ. රවි කරුණානායක ගතහොත් ඔහු දේශපාලනය කරන කොළඹ අතහැර වෙනත් ප්‍රදේශ වලට නියෝජ්‍ය නායක වේ.
නායක රනිල් වික්‍රමසිංහට තමන්ටත් තම පක්ෂයේ අභිවෘද්ධියටත් අවංකව ක්‍රියා කළ විශ්වාස කළ හැකි රටේ ප්‍රශ්නයක් විසඳිය හැකි මොළයක් බුද්ධියක් තියෙන පුද්ගලයා කව්දැයි තෝරා ගෙන නියෝජ්‍ය නායක ධූරයට පත් කර ගත නොහැකි නම් ඔහු කවදා හෝ රටේ නායකයා වී තීන්දු තීරණ ගන්නේ කෙලෙසකදැයි මහජනතාව ප්‍රශ්න කරති.
මේ අතර අපේ නායකයට ඕන මැරෙනකම් විපක්ෂ නායකකමේ ජොලියේ ඉන්න යයි පාලිත රංගේ බණ්ඩාර පවසා ඇත.තරුණ දේශපාලනඥයින්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගෙන පක්ෂය ජයග්රාහි මාවතට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට නොහැකි බවට දේශපාලඥයින් මත පලකරමින් පවසයි.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ කතාවක් ද උදාහරණයට ගනිමිනි.