මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමිපානන් වහන්සේ කපා කොටා මරා දැමීමට සම්බන්ධයැයි සැක පිට මොරටුව නගරසභාවේ උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මොරටුව නගරසභාවේ උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා අදාල ඉඩම් ආරව්ල සම්බන්ධයෙන් කලක සිට මෙම භික්ෂූන් වහන්සේ සමග දැඩි මතගැටුමක සිටි ඇත. වරෙක ඔහු නගරසභා රැස්වීමකදී විමලවංශ හිමියන්ට එරෙහිව ඉතා අසභ්‍ය ආකාරයේ ප්‍රකාශයක්ද සිදුකර ඇත.
පසුව සුවාමීන් වහන්සේ විශාල පිරිසක් සමග එක්ව නගරසභාව ඉදිරියට ගොස් උද්ඝෝෂණයක්ද කරමින් උපනගරාධිපතිවරයාට විරෝධය දක්වා ඇත.
පසුව සුවාමීන් වහන්සේ විශාල පිරිසක් සමග එක්ව නගරසභාව ඉදිරියට ගොස් උද්ඝෝෂණයක්ද කරමින් උපනගරාධිපතිවරයාට විරෝධය දක්වා ඇත.
උපනගරාධිපතිවරයාද ගෙවල් හිමියන් සමග පන්සල ඉදිරිපිටට පැමිණ ස්වාමීන්වහන්සේට විරුද්ධවද උද්ඝෝෂනයක් සිදු කර තිබේ. මෙම පන්සලේ පෙර සිටි විහාරාධිපති හිමියන් විසින් පන්සල් ඉඩමේ ජීවත්වීමට අදාල පවුල්වලට අවසර ලබාදී ඇති අතර වර්තමාන විහාරධිපතීන් වහන්සේ පවසා ඇත්තේ එම ඉඩම් සහ පන්සල මායිම්වන සේ තාප්පයක් ඉදිකර ගන්නා ලෙසයි.
කෙසේ නමුත් උපනගරාධිපතිවරයා මෙයට මැදිහත්වීමත් සමග ආරව්ලක් දක්වා මෙය දිග්ගැස්සී ඇති අතර අවසානයේ එම ගෙවල්වල පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙකුත් විහාරධිපති හිමියනුත් ඝාතනයට ලක්ව තිබේ. ඝාතනයට ලක්වූ තරුණයන් දෙදේනා ඊයේ රාත්‍රියේම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට ආරංචි පැතිරගියේයැයි ඔවුන්ගේ ඥාතීහු පවසති.
Moratuwa Deputy Mayor Arrested Over Murder of Monk
Moratuwa Deputy Mayor Arrested Over Murder of Monk