ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසයෙන් ධීවර කර්මාන්තයේ යෙදීම මාසයක් ඇතුලත නතර නොකරන්නේ නම්, ධීවරයන් 5000ක් සමඟ ඉන්දීය මුහුදු තීරයට ගොස් උද්ඝෝෂණයක යෙදෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යලිත් වරක් අනතුරු අඟවයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ උතුරු පළාතේ ධීවර නායකයන් සමඟ සෙනසුරාදා රාත්‍රියේ කච්චතිවු දූපතේ පැවැත්වුන සාකච්ඡාවකදී.
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වී ධීවර කර්මාන්තයේ යෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස කැඳවා තිබුණ එම රැස්වීමට ඉන්දීය ධීවර නායකයෝ සහභාගි නොවූහ.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදීම නවත්වන බවට ප්‍රතිඥා දීමට එයට සහභාගි වූ ඉන්දීය ධීවරයෝද අපොහොසත් වූහ.
ඉන්දීය මුහුදු තීරයට ගොස් උද්ඝෝෂණයක යෙදෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පසුගිය වසරේද අනතුරු නමුත් එම තර්ජනය ක්‍රියාත්මක නොකළේ මන්දැයි විමසූ අවස්ථාවේ කියා සිටියේ, තමන් එසේ තර්ජනය කිරීමෙන් අනතුරුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ මාළු බෑම අඩු වූ බවයි.
සැබවින්ම දැනටත් එය එතරම් බරපතල ප්‍රශනයක් නොවන බවත්, එය අර්බුදයක් ලෙසින් හුවා දක්වමින් බීබීසී ය සහ උතුරේ ධීවර සංවිධාන "බොරු ප්‍රචාර" ගෙන යන බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදී දිනසේන රතුගමගේට පැවසීය.
එහිදී සංවාදයට මැදිහත් වූ උතුරේ ධීවරයෝ, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම උතුරු මුහුදේ මාළු බෑම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට බරපතල තරජනයක්ව තිබෙන බව අවධාරණය කළහ