ඉන්දුනීසියානු කත සෞදි මරණ දඬුවමින් බේරා ගෙන

සෞදි අරාබියානු සිව්මස් හැවිරිදි බිළිඳකුට වසදී මරා දැමීමේ චෝදනාවකට ලක්ව මරණීය දණ්ඩනය නියම වී සිටි ඉන්දුනීසියානු කාන්තාවක් බේරා ගැනීමට ඉන්දුනීසියානු රජය සමත් වී ඇත.

2010 වසරේ ජූනි මාසයේදී 41ක් හැවිරිදි ඉන්දුනීසියානු ගෘහසේවිකාවක වන නූර්කෝයා බින්ටි මාර්සාන් දසන් නූරියා නම් වූ කාන්තාව විසින් එවකට සිව්මස් හැවිරිදි බිළිඳෙකු වූ මිෂාරි අල් බුෂාල්ට බීමට දෙන කිරිවලට මීයන් මර්ධනයට ලබා දෙන වසවර්ගයක් එක්කර බීමට දීමෙන් ඔහුව මරණයට පත්කළ බවට චෝදනා එල්ල විය.මේ හේතුවෙන් අධිකරණය විසින් ඇයට මරණීය දණ්ඩනය නියම කොට තිබුණි.නමුත් ළදරුවාගේ මරණ පරීක්ෂණය මගින් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ මරණය ජාන විකෘතියකින් සිදුවූ බවට තොරතුරු අනාවරණය වී තිබුණි.මෙම කරුණ හරහා ෂරියා නීතිය පිළිබඳ නීති විශේෂඥයන් විසින් ඉන්දුනීසියාවේ ස්ථාපිත කොට ඇති "විදේශීය සේවකයන් ආරක්ෂා කරගැනීමේ විශේෂ බළකාය" හරහා මරණීය දණ්ඩනය නියම කොට තිබූ නූරියා බේරාගැනීම සඳහා කටයුතු කෙරුණි.


මෙම සිදුවීම වාර්තාකොට තිබූ "ඩිජිටල් ජර්නල්" වෙබ් අඩවිය සඳහන් කොට තිබුණේ සෞදි අරාබියානු රජය විසින් හිස ගසා දැමූ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් බේරාගැනීම සඳහා ශී‍්‍ර ලංකාවේ බලයලත් ආයතන විසින් අවශ්‍ය තරම් ක‍්‍රියාමාර්ග නොගත් බවයි.

මේ අතර පකිස්ථානු ජාතිකයෙකු මරාදැමීමේ සිද්ධියකට වරදකරුවන් සිටි බවට පත්ව ඉන්දියානු ජාතිකයන් 17 දෙනෙකු බේරාගැනීමට ඉන්දියානු ව්‍යාපාරිකයකු වන එස්.වී. සිං ඔබ්රෝයි පසුගියදා කටයුතු කොට තිබුණි.

ඒ පකිස්ථානු ජාතිකයා වෙනුවෙන් එම පවුලට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියනයක ලේ වන්දිය ගෙවීමෙණි.

-ලංකා ට්රුත්-

-සබැදි පුවත්- 


 

Gossip Lanka Hot News Previous News Archive