අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණයෙකු විසින් මව සහ දියණිය යන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අවිස්සාවේල්ල පොලීසියට ලැබී තිබේ.
අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක සේවය කරන අස්වත්ත දකුණ පදිංචි 44 හැවිරිදි කාන්තාවකගේ සැමියා මීට වසර 06කට පමණ පෙර දුම්රිය අනතුරකින් මියගොස් ඇත. තම සේවා ස්ථානයේ රියදුරු රැකියාවක් කරන 25 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු සමග සබදතාවයක් ඇති කරගත් මේ වැන්දඹු එක්දරු මව දැරණියගල ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමග 2009 වසරේදී ගැටහැත්ත ඉලූක්පිටිය විවාහ ලේකම්වරයා ඉදිරියේ විවාහ වූවාය.විවාහයෙන් පසුව අලූත් ස්වාමිපුරුෂයා හා දියණිය සමග මොවුන් ඇස්වත්ත නිවසේ වාසය කොට ඇත. විවාහ වුවද මොහු ඔවුන් සමග රැදී ඇත්තේ කාලයෙන් කාලයටය. සමහර විට මාස ගණනාවකට වතාවක්වත් ඔහු පැමිණ නැත.
මේ වන විට අලූත් ස්වාමියා 29 වැනි වියේ වූ අතර 20 වැනි වියේ වූ දියණිය පෞද්ගලික පන්ති වලට සහභාගී විය. පන්ති යනවා යැයි පවසා ඇය නිතරම ගොස් ඇත්තේ මවගේ දෙවැනි සැමියා සමගය. පසුගිය ජනවාරි 29 වැනි දින අවිස්සාවේල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් දැමූ මෙම මව කියා සිටියේ තම දියණිය අතුරුදහන් වී ඇති බවයි.
දියණිය මවට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ ඇය මවගේ දෙවැනි පුරුෂයාගේ නිවසේ ඉන්නා බවය. පොලීසියට දැමූ පැමිණිල්ලට අනුව මොවුන් තිදෙනාම පොලීසියට කැදවූ අවස්ථාවේ දියණිය පැමිණ ඇත්තේ ඇය මවගේ ස්වාමිපුරුෂයා සමග දැරණියගල හම්බානවෙල විවාහ ලේකම්වරයා ඉදිරියේ විවාහ වූ බවට සදහන් විවාහ සහතිකයක්ද රැගෙනය.
මොහු තම මවගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා බව දියණිය සක්සුදක් සේ දැන සිටි බවට ප්‍රබල සාධකය වනුයේ ඇය නිවසින් පිටමං වන විට ඇයගේ මවගේ දෙවැනි විවාහයේ සහතිකයද රැගෙන යෑම නිසාය. පොලීසියේදී සිදු කෙරුණ විමර්ශන කටයුතු වලින් පසුව තරුණයාගේ මව තරුණයාගේ දෙවැනි විවාහක බිරිද (පළමු බිරිදගේ දියණිය) භාර ගැනීමට කැමති වූ හෙයින් ඇය ඔවුන් සමග තමන් හීන මැවූ ‘සුන්දර යැයි සිතන ලෝකය’ සොයා පිටමං වූවාය. එහෙත් අවිස්සාවේල්ල පොලීසිය විසින් දැරණියගල නිරෝෂන් දසනායක වන මොහුව බහු විවාහය කර ගැනීමේ වරදට මෙම මස 19 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
lankacnews