වේග පන්දු පුහුණුවට වාස් - Chaminda Vaas, New Fast Bowling Coach

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස චමින්ද වාස්ගේ පත්වීම ඊයේ බොහෝ දුරට ස්ථිර වු බව ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු පැවැසීය.

චමින්ද වාස් සමග ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හා ක්‍රිකට් උපලේකම් හිරන්ත පෙරේරා යන මහත්වරුන් පැවැත්වු සාකච්ඡා සාර්ථක වී තිබේ.චමින්ද වාස් ශ්‍රී ලංකා‍ ක්‍රිකට් පිලට පූර්ණ කාලීනව සේවය ලබාදෙන හෙයින් ඔහු ඉල්ලා සිටි දීමනාවලට එකඟතාව දැක්වු බව වාර්තා‍ වේ. ‍එම සාකච්ඡාවේ තීරණ ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් විධායක කමිටුවේදී සම්මත කර ගැනීමට නියමිතය.‍ වේග පන්දු යවන්නන් පුහුණු කිරීම උදෙසා තම සේවය මාර්තු 1දා සිට ලබාදීමටද චමින්ද වාස් කැමැත්ත පළකර තිබේ.


ටෙස්ට් තරග 111කදී කඩුලු 355ක්ද එක්දින තරග 322කදී කඩුලු 400ක්ද දවාගත් චමින්ද වාස් මෙරට බිහිවු විශිෂ්ටතම වේග පන්දු යවන්නා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්ත ක්‍රිකට් පිලේ පන්දු යවන්නන් පුහුණු කිරීමටද වාස් තෝරා ගෙන තිබුණි.‍ ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටතම වේග පන්දු යවන්නාගේ සේවය ලබාගැනීමට හැකිමීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් මග වේගවත් කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive