ස්කෑන් යන්ත‍්‍රය දැරියක් බිළි ගනියි ! Child dies in MRI scan mishap

කොළඹ නවලෝක රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත‍්‍රයක සිදුවු දෝෂයක් හේතුවෙන් තම පස් හැවිරිදි දියණිය මරණයට පත්ව ඇතැයි එම දැරියකගේ මව චෝදනා කරන්නීය.එම ස්කෑන් යන්ත‍්‍රයකට ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඇතුළත් කළ තම දියණිය එහි දෝෂයක් නිසා එය ඇතුළතදී අවාසනාවන්ත ලෙස මියගිය බව ඇය පවසන්නීය.

මෙසේ මියගොස් ඇත්තේ, කැලනියේ මාබිම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 5 හැවිරිදි බුද්ධි රත්නායක නමැති දැරියකි.

මින් දින කිහිපයකට පෙර එම දැරියට හදිසියේ ‘ෆිට්’ එකක් සෑදීම නිසා කොළඹ ළමා රෝහලට ඇතුළත් කර, ඉන් අනතුරුව නවලෝක රෝහලට ඇතුලත්කර ඇත.දරුවාගේ රෝගී තත්වය පරික්ෂා කල වෛද්‍යවරයා, දරුවා උපතින්ම ස්නායු අබාධයකින් පෙලෙන හෙයින්ද, ඇය වලිප්පුව රෝගයෙන් පිඩා විදින බැවින්ද ඒ සදහා ප්‍රතිකාර නියම කිරීමට පෙර එම්.ආර්.අයි. ස්කෑන් එකකට ලක් කළ යුතු යයි නිර්දේශ කර තිබේ.

එම ස්කෑන් පරීක්ෂාව සිදු කර ඇත්තේ, පසුගිය සෙනසුරාදාය. ස්කෑන් පරික්ෂාව සිදු කරන අවස්ථාවේ ඒ යාබද කාමරයේ දැරියගේ මවද රැඳීසිට ඇත. පරීක්ෂණයට දැරිය ඇතුළට ගෙන ටික වේලාවකින් මහා පිපුරුම් හඬක් කාමරය දෙසින් ඇසුණ බව දැරියගේ මව කියයි.

අනතුරුව වෛද්‍යවරිය වහා කාමරයෙන් එළියට පැමිණ, ''ඔක්සිජන් බට පිපිරිලා මට නැද්ද කවුරුවත් උදව් කරන්නෙ'' යනුවෙන් කෑ ගැසූ බවත්, ඒ අවස්ථාවේ උදව්වට හෙදියන් එහි නොසිටි බවත්, උදව් කරන අටියෙන් තමා කාමරයට ගිය බවත් දැරියගේ මව පවසයි.

දැරියගේ මව පවසන පරිදි දැරියගේ සිරුර එම අවස්ථාවේ නිල්පැහැතිවී, ගැහෙමින් තිබී ඇත.

දැරියව එතැනින් එළියට ගෙන ට්‍රොලියක දමා දැඩි සත්කාර ඒකකයට රැගෙන යන්නට කටයුතු කර තිබුනේ අනතුරුවය. ඇගේ සිරුරේ යන්ත‍්‍ර සවිකර හෘද ස්පන්ධනය ඇති කරන්නට වෛද්‍යවරු උත්සාහ ගත් බවත් තමාට තේරුණ ආකාරයට ඇගේ ජීවිතය ඒ අවස්ථාවේත් අහිමිවී තිබුණ බවත් දැරියගේ මව පවසන්නීය.

කෙසේ වෙතත් සෙනසුරාදා සිට ඊයේ බදාදා වනතුරුම දැරිය නිසොල්මන්ව යන්ත‍්‍ර සවිකර දැඩි සත්කාර ඒකකයේ රඳවා තිබී ඇත.

දින පහකට පසු ඊයේ රෝහල් බලධාරීන් ලක්ෂ 9 ක බිලක් සමග දැරියගේ දෙමාපියන්ට දන්වා ඇත්තේ දැරිය මියගොස් තිබෙන බවය.

ඊයේ (7) සවස මෙම අනතුරින් දැරිය මියගිය පසු ඇගේ ඥාතීන් රෝහලට මාධ්‍ය කැඳවූ අතර, එම අවස්ථාවේ රෝහල් බලධාරීන් ඊට බාධා කරනු ලැබිය.

අනතුරුව දැරියගේ ඥාතීන් ගොස් පොලිසියේ තවත් පැමිණිල්ලක් කර දන්වා ඇත්තේ, මෙම මරණය අපරාධයක් බවත් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසත්ය.

ස්කෑන් සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා විදෙස්ගතව සිටි අතර දැන් ඔහු ලංකාවට පැමිණ සිටින බවත් ඔහු රෝහලට හා වෛද්‍යවරියට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නට සූදානම් වන බවත් වාර්තාවේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය බුද්ධි රත්නායක දැරියට වැඩිමල් සොයුරියන් දෙදෙනෙකු සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවලෝක රෝහලේ ප්‍රධානියකුගෙන් කල විමසීමකදී ඔහු අවධාරණය කර සිටියේ, එම දැරිය මියගියේ ස්කෑන් යන්ත්‍රයේ දෝෂයක් නිසා නොවන බවයි. දැරිය එම යන්ත්‍රයට ඇතුලත් කල විට යලි එකවර 'ෆිට්' එකකක් සැදීම නිසා ස්කෑන් පරීක්ෂණය නවතා වහාම දැඩි සත්කාර ඒකකයට යොමුකළ බව ඔහු සදහන් කළේය. නමුත් එම ස්කන් යන්ත්‍රයට ඔක්සිජන් ලබා දෙන 'ඇම්බු බැක් 'හි දෝෂයක් තිබු හෙයින් ස්කෑන් පරීක්ෂණයට පෙර එය පිළිසකර කර තිබු බවද ඔහු කියා සිටියේය.

නමුත්, පසුදින එම දැරිය මියගිය අවස්ථාවේදී ඇගේ මව ඊට වන්දී වශයෙන් රුපියල් ලක්ෂ 200 ක් ඉල්ලු බවත්, රෝහල් බලධාරීන් එය ප්‍රතික්ෂේප කල බවවත් පැවසු එම ප්‍රකාශකයා, ඉන් අනතුරුව දැරියගේ මව මාධ්‍ය ගෙන්වා මහත් ඝෝෂාවක් කල බව සදහන් කළේය.



Girl Dies Inside MRI Scanner

Gossip Lanka Hot News Previous News Archive