ගොසිප් නයින් ඩොට් කොම් (gossip9.com) හෝ ගොසිප් නයින් නිවුස් ඩොට් කොම් (gossip9news.com) වෙත පනවා ඇති තහනම් රජය විසින් ඉවත් කල දිනයක නැවත එම පුවත් සේවාව ආරම්භ කරන බව එහි කර්තෘ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මේවන විට ශ්‍රී ලංකාව තුල 'ගොසිප් 9 ' වෙබ් අඩවියට පිවිසීම අවහිර කර තිබේ.
'' වෙබ් අඩවිය තහනම් කල විට උසාවි ගානේ යාමටත්, මාධ්‍යය නිදහස නැතැයි කියමින් පුවත්පත් වාර්තා පලකරගනිමටත්, ප්‍රොක්සි හරහා වෙබ් අඩවියට පැමිණ පුවත් නරඹන ලෙසත්, වෙබ් අඩවිය තහනම් කල පලිය ගැනීමට දිගින් දිගට පාලන පක්ෂයට දොස් කීමටත් අපට කිසිදු අවශ්‍යතාවයක් නැත.'' යයි ඔවුන් විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ .
'' වසර 3ක කාලයක් ලංකාවේ දේශපාලනික, ආගමික, විනෝදාත්මක, විමර්ශන, අධ්‍යාපනික, නළු නිළියන්ගේ පෞද්ගලික තොරතුරු ආදී කරුණු ගෙන ආ අන්තර්ජාලය තුල තුල ජනප්‍රිය වෙබ් අඩවියක් වූ ගොසිප් නයින් ඩොට් කොම් (gossip9.com) වෙබ් අඩවිය හදිසියේ වාරණය කිරීමර රජය කටයුතු කර ඇත.
ගොසිප් නයින් ඩොට් කොම් (gossip9.com) වෙබ් අඩවියේ නම ගොසිප් නයින් නිවුස් ඩොට් කොම් (gossip9news.com) ලෙසත්, ඉන් පසුව ගොසිප් නයින් නිවුස් ඩොට් බ්ලොග්ස්පොට් ඩොට් කොම් (gossip9news.blogspot.com) ලෙස නම් වෙනස් කළද ඒ සියල්ලම අවහිර කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.
ඒ අනුව ගොසිප් 9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි. අප ඒ තීරණයට ගරු කරන්නෙමු.
අප වෙබ් අඩවියට මෙලෙස බාධා පැමිණවීම පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවකි. රටේ බොහෝ මාධ්‍යයන් අන් අයගේ න්‍යාය පත්රයන්ට යටවී ක්‍රියාකරන සමයක අසාධාරණයට එරෙහිව, මුදල් හා වෙනත් පරමාර්ථ වලින් තොර වූ ස්වාධින පුවත් සේවාවක් ලබාදීමට අප කටයුතු කල ඇත්තෙමු.
නමුත් ඒ සියල්ලටම තිත තැබීමට කාලය පැමිණ ඇති බව අපට සිතේ.එහෙයින් වසර තුනක් වැනි කාලයක් තුලදී 'ගොසිප් 9' පැමිණි ගමන තාවකාලිකව මෙයින් අවසාන වේ.
මේ සමගම ගොසිප් 9 වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව, ගොසිප් 9 SMS පුවත් සේවය, අනෙකුත් සියලු සේවා සේවාවන්හි යාවත්කාල කිරීම තාවකාලිකව නවතා දමනු ලැබේ.''
gossip9.com banned in sri Lanka