ඉන්දීය ප්රමුඛ පෙල ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවැත්වු ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම විටිනාකම ඔස්ට්‍රේලියාවේ ග්ලින් මැක්ස්වෙල්ට හිමිවෙයි.එහිදී මුමබායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඩොලර් ලක්ෂ 10 කට ග්ලන් මැක්ස්වෙල් මිලදී ගෙන තිබේ.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් මීලගට ඉහළම ලංසුවට අලවි වී ඇති අතර ඔහු ඇමරිකානු ඩොලර් 725,000කට පුනේ වොරියස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.
තිසර පෙරේරා හයිද්‍රාබාද් සන්රයිස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 675,000කට වන අතර මීට අමතරව ශ්‍රීලංකාවේ සචිත්ර සේනානායක ඩොලර් 625,000 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.අකිල ධනන්ජය ඩොලර් 20,000 කට චෙන්නායි සුපර් කීංග්ස් කණ්ඩායම විසිනුත් ජීවන් මෙන්ඩිස් ඩොලර් 50,000 කට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම විසින් ද කුසල් ජනිත් පෙරේරා රාජස්ථානි රොයල්ස් කණ්ඩායම විසින් ඩොලර් 20,000 කටද මිලදී ගෙන තිබේ.
මේ අනුව ක්රීඩකියින් 101 දෙනෙක් ඉදිරිපත්වු මෙම වෙන්දේසියේදී ක්‍රීඩකයින් 37 දෙනෙකු අලවි වී ඇති අතර ඒ සදහා ඒ ඒ කණ්ඩායම් වැයකර ඇති මුදල ඩොලර් මිලියන 11.89 ක් බවට තොරතුරු වාර්තා වෙයි.
අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තු පහතින්
අලෙවි නොවූ ක්‍රීඩකයින්