යහපාලනය හා මානව හිමිකම් පිළිබඳව පාඩම් අවශ්‍ය නැතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 22වන සැසිවාරයේදි අද ප්‍රකාශ කළේය.
ඔහු සදහන් කළේ පසුගිය සැසිවාරයේදි ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිපත් කළ යෝජනාව අනවශ්‍ය එකක් බවය.
අමාත්‍ය සමරසිංහ මහතා මීට සහභාගී වි සිටින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නියොජිත කණ්ඩායමේ නායකයා ලෙසය.
පසුගිය සදුදා සැසිවාරය ආරම්භ විය.
මෙවර සැසිවාරය සදහා රටවල් රැසක විදේශ අමාත්‍යවරුන්, අධිකරණ අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් 90 දෙනෙකු පමණ සහභාගී වේ.
මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ 2012 වසරේදී මානව හිමිකම් සමුළුවට ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවලිය ඉතා අසාධාරණ බවයි. අදාළ යෝජනාවලිය මානව හිමිකම් කවුන්සිලයේ මූලධර්මවලට පවා පටහැනි බවයි සමරසිංහ මහතා පෙන්වා දුන්නේ. ශ‍්‍රී ලංකාව සත්‍ය කරුණු මත පදනම්ව සිට කි‍්‍රයාකරමින් සිටිනවා. එවැනි තත්ත්වයක් යටතේ අදාළ යෝජනාවලිය ප‍්‍රතික්ෂේප කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
එහෙත් රටේ දීර්ඝ කාලීන සාමය, ස්ථාවරභාවය හා ජනතාවගේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් පෙනී සිටින බව දැඩිව අවධාරණය කරන්නේ යැයි අමාත්‍යවරයා සඳහන් කළා. රට තුළ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව ඔහු පැවසුවා. විවෘත හා ඵලදායී සංවාදයකින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මානව හිමිකම් කවුන්සිලයේ අරමුණු හා අපක්ෂපාතී භාවය දැඩි සේ අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 22වන සැසිවාරය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.