මම අගමැතිවෙනවට විරුද්ධ අය මට කෙළියා - Maithripala Sirisena

"මම අගමැති වෙනවට විරුද්ධ වෙන අය පුතාගේ සිද්ධිය ඉස්සරහට දාගෙන මාධ්‍ය හරහා තමයි මට කෙළියෙ. ලබන මාසෙ මම අගමැති වෙන කතාව පුතා කියලා නැහැ. ඒ සිද්ධිය වුණ මුහුදු වෙරළෙ කොල්ලො කෙල්ලො ගහගෙන. ඕක ඔය තරම් ලොකු සිද්ධියක් නොවේ" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ජනමාධ්‍යවේදී සමග පවසා ඇත. 
D.I.Gගේ පුතාට මීට මාස ගණනකට පෙර අතක උරහිසට ශල්‍යකර්මයක් කර තිබුණා. ඒ අත එල්ලලා තමයි ඔය මාධ්‍ය ඡායාරූප අරන් තියෙන්නේ. ඔය සිද්ධිය වුණු අවස්ථාවේ මමත් එතැන හිටියා. D.I.Gගේ පුතා මට එවෙලේ කීවා අන්කල් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා." පැවැසූ ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් අද (27) විශේෂ ප්‍රකාශයක් කරන බවද පැවැසීය.
 ඒ පිලිබද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
 “මේ ආණ්ඩුව ගෙයක් නම් මේ හදන්නේ බාල්කයක් ගලවලා දාන්න.නැත්තම් බිත්තියක් කඩලා දාන්න.මේක සුළු සිද්ධියක් විතරයි මාධ්‍ය වල මේක ලොකුවට පෙන්නුවට.මේ හරහා මුළු ආණ්ඩුවම අපකීර්තියට පත් කරන්න හදන්නේ.මොකද මගේ දේශපාලන ගමන ඉතා දුෂ්කර එකක්.මං දෙවරක්ම එල් ටී ටී ප්‍රහාරවලින් ජීවිතය බේරගත්ත කෙනෙක්.ඒ නිසා මගේ දේශපාලන ගමනේ ඉදිරිය වලක්වන්න සමහරු මේ සිද්ධිය යොදගෙන.මට අගමැතිකම ප්‍රශ්නයක් නෙවෙයි.මොකද මම මීට කලින් මට ලැබුන් ඒ තනතුර ප්‍රතික්ෂේප කරපු කෙනෙක්.ඒ නිසා තනතුරු නෙවෙයි මගේ දේශපාලන ගමන,ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න බොහෝ අය මේ සිද්ධිය යොදාගෙන තියෙනවා.“
 දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර වෛද්‍යලංකාර මහතාගේ පුතාගෙන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය විසින් කරන ලද විමසීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ පහරදීමට මැදි වූ තම පුතාගේ තුවාලවලට මැහුම් පහක් යොදා ඇති බවත්, හිසේද තැන් තැන්වල ගෙඩි ගෙඩි මතු වී ඇති බවත් ඒවා කලින් තුවාල නොවන බවත්ය. සිද්ධියට අදාළ ඇමැති පුතා ඇතුළු සැකකරුවන් 13 දෙනා පොලිස් ඇපමත මුදාහැර තිබේ.
 
-සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive