“මගේ බෞද්ධ ඥාණය, බෞද්ධ ප්‍රඥාව නිසා මම නරකාදිය දැක්කා. අපි මරණයෙන් පස්සේ මේ ගෙවල්වල, අගුපිල්වල ලගින්නේ නැහැ. ඒක බොරු කථාවක් බුදු දහමෙන් දේශනා කරලා නැහැ. අපි මැරුණයින් පස්සෙ චුත වෙනවා. පව් පිරිච්ච මනුස්සයා යන්නේ නරකාදියේ දොර ළඟට, යම රජ්ජුරුවෝ බොහෝම සාධාරණ මනුෂයෙක්”යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ දහයක වියදමින් දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතන පිරිවෙනේ අභිනවයෙන් ඉදිකරන ලද එළිමහන් රැස්වීම් ශාලාව ඊයේ පසුගිය 17 වන දින විවෘත කිරීමේ උත්සවයේදීය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය. “බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එක්තරා අවස්ථාවකදී නරකාදිය ගැන, මම නරකාදිය ගැන දේශනා කරන්නේ පොතක් බලල නෙමෙයි. යම රජ්ජුරුවෝ බොහොම සාධාරණ මනුස්සයෙක් සාධාරණය කරන කෙනෙක්,
යම රජ්ජුරුවො අපායෙ මස්කඩ කාරයා, තැබෑරුම් අයිතිකාරයා වගේ හරිම අමාරුවෙන් ඉන්නේ. මනුස්ස ලෝකෙ හිටිය කාලෙ මොනවද කළේ කියලා යමරජ්ජුරුවො අහනවා.
පන්සිල් පද පහම කඩන අයයි නරකාදියට යන්නේ. මගේ අතින් වැරදි වෙන්නත් පුළුවන් සුරාමේරය කියන සුරා පදය මගෙනුත් කැඩෙනවා. බොරු කියන්න ඕනෙ නැහැ. මම බෙලි අත්තෙ සිටින කාලේ පානාතිපාතා කැඩුණා. පව් කළ ඇත්තො යම පල්ලො ඇවිත් ඇදගෙන යනවා. මේ සියලු කාර්යන් වෙන්නේ සිත, කය, වචනය නිසයි. අපි තුන්දොර ආරක්ෂා කර ගත යුතුයි.”