උල්කාපාතයක කැබැලි බත්තරමුල්ලට වැටිලා - Meteorite fragments at Battaramulla

 වැඩිදුර පරීක්ෂණවලින් පසු සත්‍ය හෙළි කරනවා
කිලෝ ග්රෑම් 10-20 අතර අවම බරකින් යුත් පාෂාණ වර්ගයේ උල්කාෂ්මයක් පෙරේදා (07) රාත්‍රියේ දී බත්තරමුල්ල, ජයන්තිපුර නිවසක මිදුලකට ඇද වැටී ඇත.මෙය ධූමකේතුවක කොටස් නොවන බවත්, පාෂාණ වර්ගයේ උල්කාපාතයක් විය හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා මෙම උල්කාපාතය වැටුණු ස්ථානයට පැමිණ රේඩියේෂන් මීටරයක් යොදාගනිමින් එම ස්ථානය පරීක්ෂා කළ අතර, උල්කාපාත යැයි සැක සහිත නියැදියන්හි එම අවස්ථාවේ විකිරණශීලීත්වයක් (චුම්බක ශක්තියක්)නොමැති බව තහවුරු කළේය.නමුත් පෙරේදා (07) දිනයේ දී ඇල්ෆා සෙන්චරින් නැමති උල්කාපාත වර්ෂාවක් ඇදහැලී ඇති බව පෙන්වාදුන් ජයරත්න මහතා, එය කුඩා වර්ෂාවක් බවත්, මෙම උල්කාෂ්ම ඊට සම කළ නොහැකි බවත් සඳහන් කළේය.

විශේෂයෙන් මෙය ලෝහමය(යකඩ) උල්කාපාතයක් නොවීම නිසා අධික වර්ෂාවත් සමග වි‍ශාල සාධක ප්‍රමාණයක් සේදී ගොස් ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.මීට වසර 02කට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයට මෙවැනි උල්කාෂ්මයක් වැසි නැති දිනෙක වැටී තිබුණු බව පැවසූ මහාචාර්යවරයා, එය කුඩා කණාමැදිරි එළි මෙන් දිළිසී පිච්චුණු ස්වභාවයෙන් දක්නට ලැබුණු මහතා බවත් කීය.

කෙසේ වුවද මෙහි රසායනික සංයුතිය පරීක්ෂා කිරීමෙන් පසු මෙය පිටසක්වලින් පැමිණි එකක්ද, එසේත් නැතිනම් මෙරට ඛණිජවලින් සැදුනු එකක්ද යන්න සනාථකරගැනීමට හැකියාව ඇතැයි ද ඒ මහතා පැවසීය.

දැනට අදාල උල්කාෂ්මයක් යැයි සැක සහිත සාම්පල කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා සතියක කාලයක් ගතවිය හැකි බවත්, විශ්ලේෂණය කිරීමට මාසයක් පමණ ගතවිය හැකි බවත් මහාචාර්යවරයා සඳහහන් කළේය.

මීට පෙර මේ අයුරින් දියවුණු පාෂාණ හමු නොවීමද යම් සැකයකට හේතුවක් බවද මෙහිදී අනාවරණය විය. අදාල නිවැසියන් මෙම පාෂානය වැටුනු ස්ථානයෙන් ඉවත්කිරීම නිසා එහි පරීක්ෂණකටයුතුවලට යම් හානියක් සිදු වී ඇති බව පැවසූ චන්දන ජයරත්න මහතා, මෙවැනි සැක සහිත යම් පාෂාණයක් දුටුවහොත් වහාම එම ස්ථානය බේසමකින් වසා නූලක් ඇද ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

 
Several fragments suspected to be from a meteorite have fallen into a home garden near parliament at Battaramulla this morning, an official said.

Gossip Lanka Hot News Previous News Archive