මහනුවර නගරයේ සිඟන්නන් හා ගණිකාවන් වැඩිවෙලා - More Beggars, Prostitutes in Kandy town

මහනුවර නගරයේ මගී බස්‌රථ වල සහ නගරයේ ජනාකීර්ණ ස්‌ථානවල සිඟමන් අයදින්නන්ගේ වර්ධනය දිනෙන් දින වැඩිවෙති. ඇතැමුන් ඈත ප්‍රදේශවල සිට ජැන්ඩියට ඇඳ පැලැඳගෙන නගරයට පැමිණි පසු කිනම් හෝ ආවරණ සහිත ස්‌ථානයකට ගොස්‌ සිඟාකන නිලඇඳුමට බසිති. මොවුන්ගෙන් ඇතැමුන් තම ශරීරයේ විකෘති අඟ පසඟ ප්‍රදර්ශනය කරමින් බස්‌රථ වල මගීන්ට අවහිර වන ලෙස සිඟාකෑමේ යෙදෙන අතර ඇතැමුන් කිනම් හෝ මුද්‍රිත පත්‍රිකා නැතිනම් ඡායාරූප කිහිපයක්‌ ප්‍රදර්ශනය කරමින් සිඟමන් අයෑදිති.

තවද මීට සමගාමීව ගණිකා වෘත්තියේ යෙදෙන්නියන්ට ද මහනුවර නගරය තෝතැන්නක්‌ වී පවතී. මේ සඳහා ම කුලියට කාමර ලබාදෙන හෝටල් රැසක්‌ නගරය ආසන්නයේම පවතී. මේවාට අධික මිලගණන් අයකරමින් දිනකට හත් අටදෙනකුට එක කාමරයක්‌ ලබාදෙන බව මෙම අශෝභන ක්‍රියාවන්ට එරෙහි වූවෝ පවසති.

ගණිකා වෘත්තියේ යෙදෙනා කාන්තාවන් වැඩි වශයෙන් ගැවසෙන්නේ මධ්‍යම වෙළෙඳ පොළෙත් පුස්‌තකාලය දෙසට ඇති ප්‍රදේශයේය. ඇතැම් කාන්තාවන් ලොතරැයි අලෙවි කරන්නියන් ලෙස ලොතරැයි කිහිපයක්‌ අතැතිව තම වෘත්තිය කෙරේ. ඒ අසලම අධික මිල ගණන් අයකෙරෙමින් ඔවුන් අදාළ ස්‌ථාන වලට රැගෙන යැමට ඒ සඳහා අනුබලදෙන ත්‍රීවිල් රියෑදුරෝ පිරිසක්‌ද සිටිති. පාසල් සඳහා සිසුන් රැගෙන එන මව් පියන් සහ රැකියා සඳහා එන අය මේවා මර්දනය නොකිරීම ගැන පොලිසියට දොස්‌ පවරති. දෙස්‌ විදෙස්‌ සංචාරකයන් නිතර ගැවසෙන මෙම නගරයට මේවා පිළිකුල් දර්ශන වී පවතී. මේ සඳහා පවතින නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිදැයි මහජනයා ප්‍රශ්න කරයි.
 දිවයින

Gossip Lanka Hot News Previous News Archive