ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයට සමගාමීව දෙමළ ඩයස්‍පෝරාව නියෝජනය කරන ගෝලීය දෙමළ සමුළුව (ජී.ටී.එෆ්) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (27) දින කැඳවා ඇත. මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මහ ලේකම් පත්කළ විද්වත් කමිටු සාමාජිකත්වය දැරූ යස්මින් සුකාද සමුළුවට එක්වීමට කැමැත්ත පළකර ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
බ්‍රිතාන්‍යයේදී අද (27) පැවැත්වීමට නියමිත මෙම සමුළුවේ තවත් විශේෂත්වයක් වී තිබෙන්නේ ආන්දෝලනයට ලක්ව තිබෙන චැනල් 4 නාලිකාවේ වාර්තා චිත්‍රපටය එළිදැක්වීමයි. නෝ ෆයර් සෝන් (No Fire Zone) නමින් විකාශය වීමට නියමිත මෙම වාර්තා චිත්‍රපටයේ මෙවර කතා නායකයා වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ බාල පුත් දොළොස් හැවිරිදි බාලචන්ද්‍රන්ය.
චැනල් 4 වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කැල්ලම් මැකේර් සහ සංස්කාරක සෝවි ද මෙම සමුළුවේ අසුන් ගැනීමට නියමිත බව වාර්තාවේ. නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම්, බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්ටද මෙම සමුළුවට ආරාධනා කර තිබේ.