.jpg)
ඊට හේතුව එම සාමාජික ගිණුම්වල අසාමාන්‍ය වැඩි පිවිසුමක් සහ අසාමාන්‍ය කි‍්‍රයාකාරකම් සිදුවීමයි.ඒ අනුව ඒවායේ රහස් අංක වෙනස් කර නව රහස් අංක විද්‍යුත් තැපෑල මගින් සැබෑ හිමිකරුවන්ට දැනුම් දුන් බව පරිපාලකයන් වැඩිදුරටත් පවසනවා.මේ අතර අමෙරිකාවේ ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රවෘත්ති වෙබ් අඩවි දෙකක් ද සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙන බවයි සී.එන්.එන්.රූපවාහිනිය පවසන්නේ. ‘නිව්යෝර්ක් ටයිම්ස්’ සහ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ යන වෙබ් අඩවි එලෙස සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙනවා.මෙම වාර්තාවට අනුව සයිබර් ප‍්‍රහාරකයන් ‘නිව්යෝර්ක් ටයිම්ස්’සහ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’යන වෙබ් අඩවිවල සේවකයන්ගේ රාජකාරි පරිගණකවල රහස් අංක සොරාගෙන තිබෙනවා.පසුව එම පරිගණකවලට ඇතුළු වී දත්ත වෙනස් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.
අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවියක් ද එරට තවත් රාජ්‍ය වෙබ් අඩවි සහ පෞද්ගලික වෙබ් අඩවි කිහිපයක් ද මීට ඉහතදී සයිබර් ප‍්‍රහාරයන්ට ලක්වුණශ‍්‍රී ලංකාවේ ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ සහ තවත් රාජ්‍ය වෙබ් අඩවි කිහිපයක්ම මෑතකදී සයිබර් ප‍්‍රහාරයන්ට ලක් වූ බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.