හිටපු අගවිනිසුරු සැමියාට ඇප - Pradeep Kariyawasam Released on 10 Mil. Bail

හිටපු අගවිනිසුරුවරිය ශිරානි බන්ඩාරනායකගේ සැමියා වන හිටපු එන්එස්බී සභාපති ප්‍රදීප් කාරියවසම්ගේ එන් එස්බී දූෂණය පිළිබඳ නඩු විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනූන අවස්ථාවේ ඔහු රුපියල් ලක්ෂ 100 ක පුද්ගල ඇප මත නිදහස් කළ අතර විදෙස් ගමන්ද තහනම් කෙරුණා.රජයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් රජයේ සේවකයෙකු ලෙස ද ෆිනෑන්ස් ආයතනයෙන් කොටස් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී දූෂණයක් සිදු කළේය යන චෝදනවා ඔහුට එල්ලවී තිබුණා.

අල්ලස් කොමිසම මොහුට එරෙහිව 2012 ඔක්තෝබර් මස නඩු පවරා තිබූ අතර අද උසාවියේ පෙනී සිටින ලෙස කළ නියෝගයට අනුව ප්‍රදිප් කාරියවසම් මහතා අද උසාවියට පැමිණ සිටියා.එහිදී පැමිණිල්ලේ කරුණු නැවත සංශෝධනයට ලක්වීමේ අවශ්‍යතාවක් මතුවූ අතර ඒ සඳහා ලබන අප්‍රේල් මස දක්වා මහේස්ත්‍රාත්වරයා කල් ලබාදෙනු ලැබුවා.
සැකකරු රුපියල් ලක්ෂ 100 ක පුද්ගලික ඇපමත මුදාහැරිය හැකි බවත් විදේශ ගමන් යාමෙන් වැළකී පාස්පෝට් උසාවි භාරයේ තබන ලෙසත් මේ අතරම නියෝග කෙරුණා.හිටපු අගවිනිසුරුවරියට එරෙහිව රජය දෝෂාභියෝගය එල්ල කළ පසු ඇගේ සැමියා සම්බන්ධයෙන් කවර දෙයක් වනු ඇත්දැයි දැනගන්නට අධිකරණ භූමියට පිරිස් පැමිණ සිටියා.




Gossip Lanka Hot News Previous News Archive