ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.ත්‍රිකුණාමලයේ අද (04) පැවැති 65 වැනි නිදහස් දින සැමරුම් උළෙළ අමතමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් සේ සලකන බවත්, එදා මෙන් අදත්, අද මෙන් හෙටත් සිංහල දෙමළ, මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයිද ඔහු කීය.
ශ්‍රී ලංකාව නිදහස වෙනුවෙන් අප්‍රමාණ දුක් පීඩාවට පත් වූ රාජ්‍යයක් බවත්, එසේ දිනාගත් නිදහස රැක ගැනීමේ වගකීම රජයට පමණක් නොව විපක්ෂයටද ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ශ්‍රී ලංකාවට විරුද්ධව විදෙස් රටවලට දිය හැකි හොඳම පිළිතුර වන්නේ අප රටේ ඇති සංවර්ධනය හා සංහිඳියාව බවද පැවසූ සජනාධිපතිවරයා වාර්තා දුටු පමණින්, මාධ්‍ය කී පමණින් කිසිවක් විශ්වාස නොකරන ලෙසද ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවට පැමිණ අප රටේ සංවර්ධනය සියැසින් දැක බලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී විදෙස් රටවලට ආරාධනා කරනු ලැබීය.වසර 2008 සිට 2018 අතර කාල සීමාව ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම දශකය බවට පත්වන බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිංහලෙන් හා දෙමළෙන් මිනිත්තු 18ක් පුරා සිය කතාව පැවැත්වීමද විශේෂිතය.