
ටොප් මොඩල් ඔෆ් ද වර්ල්ඩ් (ලෝකයේ හොඳම නිරූපිකාව) තරගයට සෑම රටකින්ම පාහේ තරගකරුවන් ඉදිරිපත් වෙනවා. දැනට මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින නිරූපණ ශිල්පීන් රැසක් මෙම තරග නිසා බිහිවූවන්. ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්ව ඇති හොඳම නිරූපිකාව තේරීමේ තරගය ආරම්භව මේ වනවිට වසර විස්සක් ගතව තිබෙනවා. එහෙත් මේ දක්වා ලංකාව මෙම තරගය නියෝජනය කර නැහැ.
මෙම තරගය අපට ආගන්තුක වෙන්න එය බලපා තිබෙනවා. ජාත්‍යන්තර තරගයකට රටක් නියෝජනය කරමින් සහභාගිවීම අභියෝගයක්. මුල්වරට රටක් නියෝජනය කිරීම එහි බැරෑරුම් බව තවත් වැඩි කරනවා. නමුත් මම හිතන්නේ මුල්වරට මවුබිම නියෝජනය කිරීමේ භාග්‍ය ජයග්‍රහණයකින් දෙගුණ කරන්න මට වාසනාව ලැබේවි කියලයි.
රූ රැජින තරග හා සසඳන විට හොඳම නිරූපිකාව තේරීමේ තරගය වෙනස් වෙන්නේ කොහොමද?
මේ තරග අංශය රූ රැජින තරගයට හාත්පසින්ම වෙනස්. නිරූපණය වෘත්තියක්. නිරූපණ ශිල්පියෙක්ගෙන් ස්වභාවික පෙනුමට අමතරව සමකාලීන මෝස්තර ප්‍රවණතා ප්‍රචලිත කිරීමට ඇති හැකියාව වගේම ඡායාරූප සුරූපිනියත්වයක් බලාපොරොත්තු වෙනවා. ලෝක රෑ රැජින තේරීමේ තරගයේදී මෝස්තර නිරූපණය, වෙරළ සුරූපිනිය, ක්‍රීඩාශීලිත්වය හා ශාරිරික යෝග්‍යතාව, ප්‍රසාංගික හැකියාව, නිරූපණ හැකියාව, බහුමාධ්‍ය තාක්ෂණය භාවිතය හා සුන්දරත්වයට හේතුව විමසා බලනවා. මෙහිදී නිරූපණයේ සමහර දක්ෂතා ගැන විමසීමක් කෙරුණත් වෘත්තීය පදනමක් තරගකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් නිරූපණ තරගයේදී වෘත්තීය පදනමක් අවශ්‍යයයි. ඒ නිසා මෙම තරගයට මුහුණදීමට පෙර මම පුහුණුවක් සඳහා ඉදිරි සතියේ විදේශගත වෙනවා. එම අත්දැකීම් සමඟ තරගයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි යැයි විශ්වාසයක් මට තිබෙනවා.
රූ රැජිනක් බවට පත් වෙන්නට ලස්සන පමණක් ප්‍රමාණවත්ද?

ඔබ නිරූපණ ශිල්පය තෝරා ගත්තේ ඒ සඳහා අවශ්‍ය ගුණාංග ඔබ සතුව තිබෙන නිසා ද? එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රය ඊළඟ නැවතුම එය නිසාද?
නිරූපිකාවකට අවශ්‍ය උස මට තිබෙනවා. ඒ වගේම මා ඒ ගැන පුහුණුවක් ලබා තිබෙනවා. ඊළඟට මට ආත්ම විශ්වාසයක් හා යමක් වහා ග්‍රහණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මට මේ ක්ෂේත්‍රයේ යමක් කරන්න පුළුවන්.
ඉන්දියාවේ හෝ ලංකාවේ වෙනත් රූ රැජනන් කළාක් මෙන් ඔබ ඉදිරියේදී රංගනයට එක් වෙනවාද? මම ඒ ගැන තවම කල්පනා කර නැහැ. ඒ කියන්නේ ඔබට මේ දක්වා රඟපෑමට ආරාධනා ලැබී නැති බවද? ආරාධනා කිහිපයක්ම ලැබී තිබෙනවා. නමුත් තරගයට මුහුණදීමට අවශ්‍ය නිසා හා ව්‍යාපාරික කටයුතු සඳහා කාලය වෙන් කළ යුතු නිසා එම ආරාධනා මා පිළිගත්තේ නැහැ.

කාන්තාවනට සමාජයෙන් ලබාදී ඇති තත්ත්වය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
අනිවාර්යෙන්ම, අපේ රටේ පිරිමින් හා සම තැනක් කාන්තාවන්ට ලැබී තිබෙනවා. පවුලක වුවත් ප්‍රධානත්වය ගන්නේ මවයි. ලෝකයේ මුල්ම අගමැතිනිය බිහි කළේ මගේ රට. ඒ නිසා අනිත් බොහෝ රටවල කාන්තාවන්ට වඩා අපේ රටේ කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා.
ජනගහනයට සාපේක්ෂව තීරණ ගන්නා ස්ථානවල කාන්තා නියෝජනය ප්‍රමාණවත් මදි කියන මතය ඔබ පිළිගන්නවාද? වර්තමානය වනවිට කාන්තා නියෝජනය ඉහළ මට්ටමක තිබෙනවා. එය වර්ධනය විය යුත්තේ ක්‍රමානුකූලවයි.
ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන අතවරවල ඉහළ යාමක් ඔබ දකිනවාද?
මම මේ අවස්ථාවේදී ඒ ගැන කතා කරන්න කැමති නැහැ.
අගනුවරින් බැහැරව බිහිවූ රූ රැජනක් ලෙස මෙයට අමතරව ඔබට විශේෂ යමක් කියන්න තිබෙනවාද?
ඒ හැඳින්වීමට මම කැමැති නැහැ. දක්ෂතාවය තිබෙනවා නම් උනන්දුව හා කැපවීම තිබෙනවා නම් ඕනෑම අයෙකුට තමන් බලාපොරොත්තු වන ඉලක්කයට යා හැකියි.
ඔබේ ඉදිරි අරමුණු හා අපේක්ෂා මොනවාද?
මට බලාපොරොත්තු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් දීර්ඝ කාලයක් හිතේ තිබුණු සිහිනය වු ලක් රූ රැජින වීම මම ඉටුකර ගත්තා. ඒ ඇරෙන්න උපයා ගත් ජනප්‍රියත්වය යොදවා සමාජයට සේවයක් කරන්නත් අපේක්ෂාවක් තිබෙනවා.
ඒ කියන්නේ ඔබ ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ වෙනවයි කියන එකද? එහෙම කියන්න බැහැ. නමුත් මම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්නේ් නැහැ.
සංවාදය - චන්දන
Pushpika Sandamali hot photo