මාධ්‍ය පිළිබඳව තමාට කිසිඳු විශ්වාසයක් නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ අදහස් පල කළේ මොරවක ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ දෙනියාය ආසනයේ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි. මාළුවන්ට ජලය අවශ්‍යවන්නා සේම දේශපාලක්ඥයින්ට ප්රජාතන්ත්රවාදය අවශ්‍ය බව විපක්ෂ නායකවරයා ඊයේ මාතර වල්ගමදී ප්‍රකාශ කළේය.
මේ අතර ප්රජාතන්ත්රවාදය පිලිබඳව දේශනා කළ ද රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය තුළ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඥ නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් පවසයි.