කුමන බාධා එල්ල වුවත් ජනතා මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.පසුගියදා සුරියවැව ප්‍රෙද්ශයේ සහන යාත්‍රා වැඩසටහන ක්‍රියාත්මක කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්වයෙන් විපතට පත්වු පවුල් වෙත වන්දි පිරිනැමීම සජිත්ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා
“අප මේ බෙදාගෙන බෙදාගෙන යන හැටි දැක්කම සමහරු පුදුමයට පත්ව සිටිනවා.අප මේ සියලුදේ බෙදන්නේ මේ රටේ අසරණ භාවයට පත්වෙලා ඉන්න ජනතාවට බව අමත කරන්න එපා.ඇතැම් පුද්ගලයින්ට මේ බෙදිල්ල පුරුදු නෑ.ඒ අය පුරුදු වී සිටින්නේ තමන්ටම බෙදා ගන්නටයි.අද තමුන්නාන්සේලාට රජයේ ලැබිය යුතු සහන පේන තෙක් මානයක් වත් නැත්තේ ඒ නිසයි.
ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් ඉහල තැන්වලට ගිහිල්ලා ජනතාව අමතක කරලා දාල පොදි ගහ ගන්න එකයි කරන්නේ.ප්‍රේමදාසලාට එවැනි පුරුදු නැති බවත් ප්‍රේමදාසලාගේ පුරුද්ද නැති බැරිඋදවිය ඇති හැකි අය කිරීම බවත් ජනතාව හොදින් දන්නවා.එම නිසා මොන බාධා පැමීණියද ජනතා මෙහෙවර රණසිංහ ප්‍රේමදාස නාමයෙන් දිගටම රැගෙන යන බව මා අවදාරණය කරනවා“
සිය ජනතා මෙහෙවර ක්‍රියාත්මක වන්නේ ධන බලය ,තාන්න මාන්න,පට්ටම් සහ තනතුරු පදනම් කරගෙන නොවන බවත් සිය ක්‍රියාදාමයට පදනම පක්ෂ සළකුණ ,ජන බලය,ශක්තිය සහ ආශිර්වාදය පමණක් බවත් සිය ආත්ම ශක්තිය තිබෙන තුරු කිසිවෙකුට ප්‍රේමදාසලාගේ බෙදිල්ල නතර කිරීමට නොහැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.
මන්ත්‍රීවරුන් විසින් සුබ සාධන ව්‍යාපෘති සිදුකරන්නේ නම්, එය පක්ෂයේ මුලිකත්වයෙන් පමණක් සිදුකල යුතු බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සියලු නායකයින් වෙත දැඩිව අවධාරණය කර තිබේ.ඒ අතරතුර පසුගිය ජනවාරි 30 වනදා සජිත් ප්‍රේමදාස මහතා මෙම ආදාර බොදාදුන් අතර පසුගියදා සුද්දගොඩ ප්‍රෙද්ශයේ අවමංගල්යාධිර සමිතියකටද මුල්‍යාධාර පිරි නමා කිබේ.