Skyfall (2012)

ස්කයිෆෝල්’ චිත්‍රපටය ආරම්භ වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි එම්. අයි. 6 රහස් ඔත්තු සේවයේ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඝාතනය කොට එහි තිබූ පරිඝනක රහස් දෘඩාංග තැටියක් පැහැරගෙන පලා යන ‘පැට්‍රිස්’ නමැති කුලී ඝාතකයකු පසුපස ජේම්ස් බොන්ඩ් සහ ඔහුගේ සහායිකා ‘ඊවා මනිපෙනි’ ලුහුබැඳ යන දර්ශනයකිනි.

එම දෘඩාංග තැටියෙහි නේටෝ සංවිධානය විසින් ලෝ පුරා ස්ථානගතකර ඇති සියලු රහස් ඔත්තු සේවා ඒජන්තවරුන්ගේ පුද්ගලික රහස් ලිපිගොනු අඩංගු වෙයි. පැට්‍රිස් සමඟ බොන්ඩ් ධාවනය වන දුම්රියක් මතදී සිදු කෙරෙන සටනේදී ඊවා විසින් තැබූ වෙඩි පහරකින් තුවාල ලබන බොන්ඩ් පහළින් ඇති ජලාශයකට ඇද වැටෙන අතර ඔහු මියගිය බවට විශ්වාස කෙරේ.
අදාල සිදුවීමෙන් පසු ඇති වූ අයහපත් දේශපාලන පසුබිම හේතු කොට ගෙන එක්සත් රාජධානියේ බුද්ධි ආරක්ෂක කමිටු සභාපති ‘ගැරත් මැලරි’ සෘජුවම චෝදනා එල්ල කරන්නේ එම්. අයි. 6 ඔත්තු සේවා ප්‍රධානී ‘එම්’ හටයි. ඇයට තනතුරෙන් ඉවත් වීමට බලපෑම් සිදු කෙරෙන අතර එම්. අයි. 6 ඔත්තු සේවා මූලස්ථානය හදිසි බෝම්බ පිපිරීමකට ලක් වී නිලධාරීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. ඒ අනුව එම්. අයි. 6 නව මුලස්ථානය ලන්ඩනයේ භූගත උමං මාර්ගයක් තුළ ස්ථාපිත කෙරෙයි.

ජලාශයට ඇද වැටුණු බොන්ඩ් නොසිතු පරිදි දිවි ගලවාගෙන දැඩි අසනීප තත්ත්වයෙන් ලන්ඩනයට පැමිණෙයි. එහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සහ ව්‍යායාම් පංති මඟින් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කළ ද එය මුලුමනින්ම සාර්ථක වන්නේ නැත. බේරී පලා ගිය පැට්‍රිස් චීනයේ සැඟ වී සිටින බවට තොරතුරු ලද හෙයින් බොන්ඩ් සහ ඊවා ඔහු සොයා ෂැංහයි බලා යයි. ස්කයිෆෝල් චිත්‍රපටයේ කතාව විකාශනය වන්නේ එපරිද්දෙනි.

Genre: Action, Adventure, Crime

Director: Sam Mendes

Actors: Daniel Craig, Javier Bardem

Writer: Neal Purvis, Robert Wade


Length: 143 min

Release Date: 9 November 2012

IMDb Rating: 7.9



සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න


Gossip Lanka Hot News Previous News Archive