ජාතික කොඩියේ සිංහයාට පුරුෂ ලිංගයක් ! Sri Lanka National Flag " Male Lion "

 ජාතික කොඩියේ සිංහයාට පුරුෂත්වය දෙන්න ගිහින්
ජාතික කොඩියේ සිංහයා සංකේතාත්මක නිර්මාණයකි.එය වෙනස්කිරීමට හෝ අලූතෙන් අර්ථ දක්වන්නට කිසිවෙකුට අයිතියක් නැත.
ජාතික කොඩියේ සිංහයා සලකුණ තුළ පිරිමි සිංහයෙකු දැක්වෙන්නේ නැතැයි සිතූ කිසියම් නිර්මාණකරුවෙකු එය වෙනස් කර පුරුෂ ලිංගයක් සහිත සිංහයා ඇතුළත් ජාතික කොඩියේ ස්ටිකර් නිර්මාණය කර තිඛෙනවා. මෙවැනි ස්ටිකර් 60,000ක් විකිණීමට තබා තිබියදී පිටකොටුව වේල්ලවීදිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.කොළඹ පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසල් හයක තිබී මෙම ස්ටිකර් තොගය හමුව තිබුණා.65 වැනි නිදහස් සමරුව සඳහා මෙම ස්ටිකර් තොගය චීනයෙන් මුද්‍රණය කර ආනයනය කළ බව පැවසුණ අතර එහි විදේශ ග්‍රැෆික් නිර්මාණකරුවන් කවුදැයි තමන් නොදන්නා බව වෙළෙඳුන් ප්‍රකාශ කර තිබුණා.

මෙහි නීත්‍යනුකූලභාවය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගැනීමට පියවර ගෙන ඇති බවද පොලිසිය පැවසුවා.ජාතික කොඩියේ සිටින්නේ සිංහයෙක්ද සිංහ ධේනුවක්ද යන්න පිළිබඳ මීට දශක කිහිපයකට ඉහතදී ශාස්ත්‍රීය වාද පවා පැවති නමුත් සිංහයාගේ සංකේතාත්මක නිර්මාණයක් හැටියට එහි පිළිගැනීම වෙනස් කිරීමට කිසිවෙකු උත්සුක වී තිබුනේ නැත.


Gossip Lanka Hot News Previous News Archive