ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පසුගිය වසරේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලකින්පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් සමග අද (01) සමත් විය.
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.මුම්බායි හි පැවැති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කි‍්‍රකට් පිල සිය පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 238ක් රැස් කළාය.
ශී‍්‍ර ලංකා පිල පන්දු වාර 50 දී කඩුලූ 9ක් ජයග්රිහී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.මෙම ලකුණු 244 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හඹාගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල 2011 වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් හඹාගොස් ජය ලබා තිබුණි.ශ්‍රී ලංකාව 1997 වසරේ සිට වසර 16 ක කාලයක් එංගලන්තය සමග තරග කර ඇති අතර මෙම ජයග්‍රහණය දක්වා ජය ලැබීමට සමත්ව නොසිටියේය.
චමරි ජයංගනී එහිදී ලකුණු 62ක් රැස් කළ අතර, එශානි කෞශල්‍යා ලකුණු 56ක් ලබා ගත්තාය.
තරගය අවසානයේදී ශී‍්‍ර ලංකා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන කියා සිටියේ ලෝක ශූර එංගලන්ත පිල පරාජය කිරීම සිහිනයක් සැබෑ වීමක් බවයි.
ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
මට විශ්වාසයක් තිබුණා අපිට තරගය ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම පසුගිය ලෝක ශූරියෝ තරගය අවසානය දක්වා රැගෙන එයි කියලත් මට හිතුණා. චමරි අතපත්තු කණ්ඩායමේ සුවිශේෂි ක්‍රීඩිකාවක්. අතපත්තු සහ යශෝධා ලකුණු 103 සම්බන්ධතාවක් ගොඩනගමින් හොඳ ආරම්භයක් ලබා දුන්නා එය ජයග්‍රහණයට බෙහෙවින් වැදගත් වුණා.