මේ වන විට නිව්යොර්ක් නගරයෙන් ගමන් ආරම්භ ගුවන් යානා අවලංගුකර ඇති අතර දුම්රිය සේවාද අත්හිටුවා තිබේ.කාර්යාල සියල්ලකම පාහේ කටයුතු මේ නිසා අඩාල වි ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.කෙසේ වෙතත් ජනතාවට අවශය තරම් ආහාර රැස්කරගෙන නිවෙස් තුලට වී සිටින ලෙස ආපදා අංශ නිවේදන නිකුත් කර තිබේ.
නිව් ජර්සි ,නිව්යොර්ක් සහ මැසචුසෙට් ආදී ප්‍රෙද්ශවලින් මෙම වාර්තාගත හිම පතනය වාර්තා වෙයි.හිම සමග තරමක තද සුළං ද ඇතිවීමේ තත්වයක් ඇති බවැන් ආරක්ෂාකාරිව සිටින ලෙස එරට කාලගුණ අංශ ජනතාවට දන්වා තිබේ.
නිව්යොර්ක් නගරයේ අධිකතම හිම පතනය 2003 දි වාර්තා වු අතර එය සෙන්ටිමීටර් 70 ක් හෙවත් අගල් 27 ක් ලෙස වාර්තා වි තිබේ.මෙවර හිම පතනය අඩි 3 ක් දක්වා වැඩිවි ඇති අතර මෙය වාර්තාගත හිම පතනය බව විදස් තොරතුරුවල දැක්වෙයි.
ඉදිරියේදි මෙම හිම පතනය තවදුරටත් ඉහල යා හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර මෙම නගරවල නගරාදිපතිවරුන් සහ හදිසි ආපදා ඒකක මේ වන විට ඊට මුහුණ දීම සදහා සුදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.