පී‍්‍රමා සමාගම අපට කවන්නේ පොත්ත නැති තිරිඟු පිටි - Wimal Weerawansa

පී‍්‍රමා පිටි සමාගමෙන් දේශීය පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ පෝෂණයෙන් තොර වූ තිරිඟු පිටි බව ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් පී‍්‍රමා සමාගමේ මහත්වරුන්ට අවශ්‍ය නම් තමාට නඩු පැවැරීමටද පුළුවන් යැයි හෙතෙම පවසයි.ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දහම් පාසල් දරු දැරියන්ට පෝෂණයෙන් පිරි දේශීය උදෑසන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන් මාලාවේ මුල්ලේරියාව ප්‍රදේශයේ ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පැවැති සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.


ත්‍රිකුණාමලයේ පිහිටා ඇති පී‍්‍රමා පිටි සමාගමට අයත් කර්මාන්තශාලාවට ගෙන එන තිරිඟුවලින් පොත්ත සමඟ පෝෂණය සහිත කොටස ඒ නැවේම නංවා යළි පිටරට යවා පෝෂණයෙන් තොර කොටස ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා.

Gossip Lanka Hot News Previous News Archive