ලොව වයස්ගතම කාන්තාව ජපානයෙන් - World's Oldest Woman

ලොව වයස්ගතම කාන්තාව ලෙස නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට ජපානයේ මිසා ඕ ඔකවා සමත්වුණා. ඇයගේ වයස අවුරුදු 114ක්. 1898 උපත ලැබූ ඔකාවා මේ වන විට ජීවත් වන්නේ ජපානයේ ඔසාකා නගරයේයි.ඊයේ පැවති විශේෂ උත්සවයකදී ලොව වයස්ගතම කාන්තාවට හිමි ගිනස් වාර්තාවට අදාළ නිල ලේඛනය ඇයට පිරිනමනු ලැබුවා.ජපාන මාධ්‍ය වාර්තා කළේ එළැඹෙන මාර්තු 5වනදාට ඇය 115වන වියට පා තබන බවයි.
දීර්ඝායුෂ ලැබීමේ රහස ලෙස මිසාඕ දක්වා ඇත්තේ පුද්ගලයකු විසින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳව සැළකිල්ලෙන් පසුවිය යුතු බවයි. තිදරු මවක් වන මිසා ඕ හට මුණුබුරු මිණිබිරියන් සිවුදෙනෙක් ද, මී මුණුබුරු මිණිබිරියන් සය දෙනෙක් ද සිටියි.ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින 115 හැවිරිදි ජිරොමන් කිමුරා ද ජපන් ජාතිකයෙකි.
වයස වසර 100 ඉක්මවූ වැඩිම පුද්ගලන් සිටින රට ජපානය වන අතර, එරට සිටින සිය විය ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව 51,000කට වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ.


Gossip Lanka Hot News Previous News Archive