පේර දෙන්න කැලෑවට රැගෙන ගොස් 10 හැවිරිදි සිසුවියට අතවර කරලා !

ගාල්ල, හියාරේ ප‍්‍රදේශයේ දී බාලවයස්කාර පිරිමි ළමයකු එම පාසලේ බාලවයස්කාර පාසල් සිසුවියකට බරපතල ලිංගික අපචාරයක් සිදුකර ඇතැයි පැමිණිලි ලැබී ඇති බව අක්මීමන පොලිසිය පවසයි. එම පාසලේ 15 හැවිරිදි පිරිමි ළමයකු 10 හැවිරිදි දැරියකට මෙම ලිංගික අපචාරය සිදුකර තිබේ.

පසුගිය දොළොස් වෙනිදා නිවාසාන්තර ක‍්‍රීඩා උත්සවය පැවැති දිනයේ දී පේර දෙන්නම් යැයි පවසා සිසුවියට පේර ලබා දී පාසල් අසල ලඳු කැලෑවට දැරිය රවටා රැගෙන ගොස් මෙලෙස අතවර කර ඇත. මේ පිළිබඳ ගුරුවරුන්ට හෝ මාපියන්ට නොපවසන ලෙසට ද දැරිය බියගන්වා ඇති අතර, පසුව මෙම දැරිය ඒ බව ගුරුවරුන්ට පවසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය මගින් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

Gossip Lanka Hot News Previous News Archive