මීට දින කීපයකට ඉහතදී සැමියාට තම බිරිය තරුණයකු සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති අතර එම ඇසුර නිශ්චිතවම තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැමියා මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව සැමියාත් බිරියත්, බිරියගේ පවුලේ ඥාතීනුත් මිහින්තලය පොලිසියට කැඳවා අවවාද කර ඇති අතර සැමියා බිරියගේ වැරැදි සියල්ල අමතක කර දමා වෙනත් ප්රදේශයකට ගොස් නැවතත් විවාහ ජීවිතය ගත කිරීමට එකඟත්වය පළ කර ඇත. පොලිසියට පැමිණි කාන්තාවගේ මවුපියන් හා ඥාතීන් ද බෑනා ඉතා ගුණගරුක පුද්ගලයෙක් බව මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ප්රකාශ කර ඇත.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයාත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාත් පැය 03කට ආසන්න කාලයක් නැවතත් සාමකාමී ලෙස පවුල් ජීවිතය ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත්, දරුවන් දෙදෙනා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කාන්තාවට පවසා ඇත. එහෙත් ආලයෙන් උන්මාද වී සිටි කාන්තාව මවුපියන්ගේ, සැමියාගේ, දරුවන්ගේ හෝ පොලිසියේ කිසිදු ඉල්ලීමක් හෝ ආයාචනයක් පිළිනොගෙන තරුණයා සමඟ නව පවුල් ජීවිතයක් අරඹන බව තරයේ කියා ඇත. මව වෙනත් තරුණයකු සමඟ යෑම දරාගත නොහැකිවූ අට හැවිරිදි දැරිය 'අම්මේ අපිව දමා යන්න එපා' යැයි කියා පොලිස් ස්ථානයේ හඬා වැටෙද්දී මව් සෙනෙහස නොදත් ඇය මීට ටික දිනකට පෙර අනුරාධපුර කලැත්තෑව ප්රදේශයෙන් හමුවූ තරුණයා සමඟ යතුරු පැදියක නැඟී එම ස්ථානයෙන් නික්ම ගියාය.
මිහින්තලය පොලිසිය පවසන අන්දමට මෙම කාන්තාව මෙම තරුණයා සමඟ හොර රහසේ විවාහ වී ඇති බවට තොරතුරු තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන බවත් පැවැසීය.