ග්‍රාමීය මට්ටමෙන් ඉතා දියුණු ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යනු ලබන ‘ගැමි දිරිය’ වැඩසටහනේ සියලූ මුදල් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතට ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව වාර්තාවේ.
රට පුරා ව්‍යාප්ත ගැමි දිරිය සමාගම් 2100 තුළ ස්ථාවර වත්කම් ප්‍රමාණය කෝටි 500 ඉක්මවන බවත්, සෙසු වත්කම් සහ දේපළ සැලකිල්ලට ගැනීමේදී ගැමි දිරිය සමස්ත ව්‍යාපෘතියෙහි දැනට ඇති වටිනාකම රුපියල් කෝටි 1000-1500 අතර බව පැවසේ.
මේ නිසාම මේ විශාල මුදල් ප්‍රමාණය සමාගම් ලෙස ජනතාව තුළ රැඳීම වැළැක්වීමට සමාගම් අහෝසි කොට ස්වේච්ඡා සංවිධාන බවට පත්කිරීම ආරම්භ කර ඇත.
සමාගමක ස්ථාවර වත්කම් තිබියදී එය අහෝසි කිරීම කළ නොහැකි බැවින් එම සමාගම්හි තනතුරු දරන ජනතාව ලවා බලහත්කාරයෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගන්නා තැතක් මේ දිනවල ව්‍යාප්ත වන බව පැවසේ.
මේ පිළිබඳව 'ගැමි දිරිය 'අධ්යක්ෂ ජනරාල් එස්.කේ ලියනගේ මහතාගෙන් විමසූ කල ඔහු පවසා සිටියේ, සමාගමක් එකවර අහෝසි කළ නොහැකි බැවින් එම සාමාජිකයන්ගේ කැමැත් තෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගන්නා බවය.
අකමැත්තෙන් දිවුරුම් ප්‍රකාශ ලබා නොගන්නා බවත් එලෙස දිවුරුම් ප්‍රකාශ ලබා නොදෙන සංවිධානවලට එලෙසම පැවතිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
-රාවය-
-රාවය-