ලසිත් මාලිංගට අවවාද
ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ විනීතව හැසිරිය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් පසුගියදා නිර්දේශ කරනු ලැබිණි. ඔහුගේ නිර්දේශවල දැක්වුණේ ක්‍රීඩාව තුළ තමන්ට හිමි තැන සැලකිල්ලට ගෙන ලසිත් මාලිංග අනාගතයේදී මාධ්‍ය සමග ගනුදෙනු කළ යුතු බවය.
මාලිංග සමග මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සදහා විධායක කමිටු සාමාජික කැමිලස් අබේගුණවර්ධන, හරිගුප්තා රෝහණධීර සහ අජිත් ජයසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළ අතර මාලිංග ඊයේ පස්වරුවේ එම කමිටුව හමුවේ පෙනී සිටියේය.කමිටු සාමාජික හරිගුප්තා රෝහණධීර මහතා පැවසුවේ මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ විනීතව හැසිරීමට අවශ්‍ය උපදෙස් ඊයේ ලසිත් මාලිංගට ලබාදුන් බවය.
වෙනදා මෙන් මාධ්‍ය කැමරා ශිල්පීන් ඊයේත් ඔහුගේ පැමිණීම වාර්තා කිරීමට ගොස් තිබුණ අතර ආයතනයට ඇතුළුවන අවස්ථාවේ වාහනයෙන් බැසගත් මාලිංග සන්ග්ලාස් දාගෙන බීම බෝතලයක් බොමින් කිසිවෙකු නොදුටු ගාණට එතැනින් ගමන් කළා. අනතුරුව ඔහු කටයුත්ත නිමවා නැවත වාහනයට එද්දී අදවත් හොඳින් කථාකරාවිද යන සැකයෙන් මාධ්‍ය වේදියෙක් ඔහු අසළට ගොස් පරීක්ෂණේට මොකක්ද වුනේ? යනුවෙන් ඇසුවත් මාලිංග එයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වූයේ නැත. සන්ග්ලාස් පැළඳ කිසිවක් නොදුටු හා නෑසුණු ගාණට සිටි ඔහු වාහනයට නැගගෙන එතැනින් පිටත්ව ගියා.

මෙම අවස්ථාවේ ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්