Pages

රාජ්‍ය නාට්‍ය උළෙල 2012-2013 - State Drama Awards

රාජ්‍ය නාට්‍ය උළෙලේ මෙවර හොදම නාට්‍ය ලෙස (2012)ප්‍රියන්තසිරි කුමාරගේ “බර්නාඩාගේ සිපිරිගෙය“(2013)සුනිල්චන්ද්‍රසිරිගේ “ආදරණිය සංවාදයක්“ නාට්‍යයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මානයට පාත්‍රවෙයි
මෙවර නාට්‍ය උළෙලේ හොදම නළුවා ලෙස (2012) චන්ද්‍රසෝම බිංදුහේවාත් (2013)හොදම නළුවා ලෙස ජනක කුඹුකගේත් (2012)හොදම නිළිය ලෙස තෙරුණි පිරිස්ද (2013) හොදම නිළිය මාදිනී මල්වත්ත ද සම්මාන ලැබිය.ප්‍රියන්ත සිරිකුමාරගේ නිර්මාණය කළ බර්නාඩාගේ සිපිරිගෙය (2012) හොදම නාට්‍ය අධ්‍යක්ෂණය ලෙසත්,සුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක් (2013)හොදම නාට්‍ය අධ්‍යක්ෂණය ලෙසත් සම්මාන දිනාගත්තේ ය.නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය පෙරේදා (15) ප.ව.6.00ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

නාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් ප්‍රවීණ නාට්‍ය වේදි සැන්ටින් ගුණවර්ධන සහ කුලන්දෙයි සෙපමාලෙයි යන මහත්වරු “නාට්‍ය කිර්ති“ සම්මානයෙන් මෙහිදි පිදුම් ලැබූහ.
මේ වනවිට අසනිපව සිටින ප්‍රවිණ කලාකරු සුමින්ද සිරිසේන මහතාගේ සේවය අගයමින් මූල්‍යාධාරයක් සහ සමරු ඵලකයක් ද මෙහිදි පිරිණැමිණි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙය සංවිධානය කර ඇත.

2012 සහ 2013 රාජ්‍යය නාට්‍යය සම්මානෝත්සවයේ කුසලතා සහතික, මුදල් සහ සම්මාන දිනු නිර්මාණ සහ නිර්මාණකරුවන් මෙසේ ය.

2012 හොඳම දිගු නාට්‍යය නිෂ්පාදනය ප‍්‍රියන්ත සිරිකුමාර ‘‘බර්නාඩාගේ සිපිරි ගෙය’’
2012 ප‍්‍රශස්ථ දිගු නාට්‍යය නිෂ්පාදනය ප‍්‍රියන්ත සිරිකුමාරගේ ‘‘බර්නාඩාගේ සිපිරි ගෙය’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ ස්වීය නොවන පිටපත සුනිල් චන්ද්‍රසිරිගේ ‘‘සින්දු කිරිල්ලී’’
2012 වසරේ දිගු නාට්‍යය හොඳ ම නිළිය තෙරුනි පීරිස් ‘‘සින්දු කිරිල්ලි’’
2012 වසරේ දිගු නාට්‍යය හොඳ ම නළුවා චන්ද්‍ර සෝම බින්දුහේවා ‘‘සින්දු කිරිල්ලී’’
2012 වසරේ දිගු නාට්‍යය කුසලතා සහතිකය නෙළුම් මධුෂානි ‘‘ඉයුමනයිඞ්ස්’’
2012 වසරේ දිගු නාට්‍යය කුසලතා සහතිකය තිළිණි රුවන්දිකා ‘‘ඉයුමනයිඞ්ස්’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ සහය රංගනය කාන්තා දුලිකා මාරපන ‘‘බර්නාඩාගේ සිපිරි ගෙය’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංගනය පිරිමි අසංක කෝදාගොඩ ‘‘වාදකයා වහල උඩ’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ සංගීත නිර්මාණය ලහිරු මාඩිවිල ‘‘වාදකයා වහල උඩ’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංග වින්‍යාසය රණසිංහ අධිකාරී ‘‘ඉයුමනයිඞ්ස්’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ අංගරචනය ශෂිකලා සුභාෂිනී, ඉමායා හෂානි සහ නදීශා සංජීවනී ‘‘වාදකයා වහල උඩ’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ වේදිකා පරිපාලනය අරුණ ජයසිංහ, ඉසුරු කාෂ්‍යප සහ රකිත ප‍්‍රමෝද්‍ය ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’
2012 වසරේ දිගු නාට්‍යය රංගාලෝකය කුසලතා සමන් මලලසේකර සහ නාමල් තරංග ‘‘වාදකයා වහල උඩ’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංගාලෝකය රංග සමරකෝන් සහ සංජය හෙට්ටිආරච්චි ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංගවස්ත‍්‍ර නිර්මාණය චන්ද්‍රිකා ලක්‍ෂමන් සහ තක්ෂිලා මෙන්ඩිස් ‘‘වාදකයා වහල උඩ’’
2012 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ පසුතල නිර්මාණය නුවන් තනුරංක ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’
.............................................................................................................................................
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංගාලෝකය රංග සමරකෝන් ‘‘පස්මහ බැලූම්’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ සංගීත නිර්මාණය ශාන්ත පීරිස් ‘‘රොමැන්ටික් ෂෝ ඉන් ද ලාස්ට් බස්’’
2013 වසරේ කෙටි නාට්‍යය රංගනය උදෙසා කුසලතා සහතිකය දර්ශන උබේසේකර ‘‘ඩොලී’’
2013 වසරේ කෙටි නාට්‍යය රංගනය උදෙසා කුසලතා සහතිකය ජනක මුණසිංහ ‘‘රොමෑන්ටික් ෂෝ ඉන් ද ලාස්ට් බස්’’
2013 වසරේ කෙටි නාට්‍යය රංගනය උදෙසා කුසලතා සහතිකය වසන්ත මුහන්දිරම් ‘‘සුහද හුවමාරුවක්’’
2013 වසරේ කෙටි නාට්‍යය රංගනය උදෙසා කුසලතා සහතිකය දිනේෂ් පතිරණ ’’අපූරු දවසක් හෙවත් අන්තෝජටා’’
2013 වසරේ කෙටි නාට්‍යය හොඳ ම නළුවා සමිත සුධීපවන් පෙරේරා ‘‘ශී‍්‍ර-මත්-සූ-මන’’
2013 වසරේ ප‍්‍රශස්ත කෙටි නාට්‍යය රචනය තුන්වන ස්ථානය ඇන්ටනී ජයලත්ගේ ‘‘මං සියඹලා ගෙනාවෙ නෑ’’
2013 වසරේ ප‍්‍රශස්ථ කෙටි නාට්‍යය රචනය දෙවන ස්ථානය යසන්ත කරුණාරත්නගේ ‘‘අපූරු දවසක් හෙවත් අන්තෝජටා’’
2013 වසරේ ප‍්‍රශස්ථ කෙටි නාට්‍යය රචන පළමු ස්ථානය දමිත් වැලිකලගේ ‘‘ඩොලී’’
2013 කෙටි නාට්‍යය කුසලතා සහතික මුනියන්ඩි කාලිදාස් ‘‘ලාස්ට් ෆිෆ්ටීන් මිනිට්ස්’’
2013 වසරේ ප‍්‍රශස්ථ කෙටි නාට්‍යය තුන්වන ස්ථානය ඇන්ටනී ජයලත්ගේ ‘‘මං සියඹලා ගෙනාවෙ නෑ’’
2013 වසරේ ප‍්‍රශස්ථ කෙටිනාට්‍යය දෙවන ස්ථානය කේ. ඒ. ජී. ඒ. වන්ද්‍ර කුමාරගේ ‘‘ඩොලී’’
2013 වසරේ ප‍්‍රශස්ථ කෙටි නාට්‍යය නිෂ්පාදනය යසන්ත කරුණාරත්න ‘‘අපූරු දවසක් හෙවත් අන්තෝජටා’’
2013 වසරේ කෙටි නාට්‍යය හොඳ ම නිළිය සුලෝචනා වීරසිංහ ‘‘බබාට නමක් ’’
2013 වසරේ කෙටි නාට්‍යය කුසලතා සහතිකය ලක්‍ෂිකා ජයකොඩි ‘‘ඩොලී’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංගනය තුන්වන ස්ථානය නදීෂා මධුෂානී ‘‘පස් මහ බැලූම්’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංගනය ගැහැනු දෙවන ස්ථානය කේ. ඩබ්. ටී. හිමාෂි ‘‘රොමැන්ටික් ෂෝ ඉන් ද ලාස්ට් බස් ’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංගනය තුන්වන ස්ථානය තනූජ පුෂ්පකුමාර ‘‘පිරිමි අපූරු දවසක් හෙවත් අන්තෝජටා’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංගනය දෙවන ස්ථානය පිරිමි සුජික් ප‍්‍රියන්ත පතිරගේ ‘‘මං සියඹලා ගෙනාවේ නෑ’’
2013 වසරේ කෙටි නාට්‍යය හොඳ ම සංගීත නිර්මාණය කුසලතාපූර්ණිමා විජේසූරිය ‘‘ශ‍්‍රී-මත්-සූ-මන’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංග වින්‍යාසය නාමල් ජයසිංහ ‘‘ඩොලි’’
2013 වසරේ කෙටි නාට්‍යය ප‍්‍රශස්ථ රංගවස්ත‍්‍ර නිර්මාණය කේ. ඒ. ජී. ඒ. චන්ද්‍රකුමාර ‘‘ඩොලී’’
............................................................................................................................................
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ නාට්‍යය නිෂ්පාදනය සුනිල් චන්ද්‍රසිරි ‘‘ආදරනීය සංවාදයක්’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ අධ්‍යක්‍ෂණය සුනිල් චන්ද්‍රසිරි ‘‘ආදරනීය සංවාදයක්’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ ස්වීය නොවන පිටපත සුනිල් චන්ද්‍රසිරි ‘‘ආදරනීය සංවාදයක්’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ ස්වීය පිටපත දෙවන ස්ථානය කේ. බී. හේරත් ‘‘කළු කුමාරි’’

2013 වසරේ දිගු නාට්‍යය හොඳ ම නිළිය මාදනි මල්වත්ත ‘‘කළු කුමාරී’’
2013 වසරේ දිගු නාට්‍යය හොඳ ම නළුවා ජනක කුඹුකගේ ‘‘ආදරනීය සංවාදයක් ’’
2013 වසරේ දිගු නාට්‍යය කුසලතා සහතිකය දුලක්‍ෂනි විජේසේන ‘‘ජුලියස් සීසර් ’’

2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ සහය රංගනය කාන්තා නදීෂානි පේළි ආරච්චි ‘‘හොරුත් එක්ක බොරු’’
2013 වසරේ දිගු නාට්‍යය රංගනය කුසලතා සහතිකය සංජීව දිසානායක ‘‘ජුලියස් සීසර්’’
2013 වසරේ දිගු නාට්‍යය රංගනය කුසලතා සහතිකය ස්ටෙෆාන් තිරිමාන්න ‘‘හොරුත් එක්ක බොරු’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ සහය රංගනය පිරිමි ප්‍රෞඩ බුවනෙක ‘‘හොරුත් එක්ක බොරු’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ අංගරචනය වසන්ත විට්ටච්චි ‘‘ආදරනීය සංවාදයක් ’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ සම්මානය වේදිකා පරිපාලනය දර්ශන ඔබේසේකර, හිමාෂ විතානගේ සහ ගයාන් විතාන ‘‘ජුලියස් සීසර්’’
2013 වසරේ දිගු නාට්‍යය සංගීත නිර්මාණ සම්මානයක් නැත
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංග වින්‍යාසය මහේෂ් උමගිලිය සහ මංගල සේනානායක ‘‘ජුලියස් සීසර්’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංගාලෝකය සමන් මලලසේකර ‘‘ආදරනීය සංවාදයක්’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ රංගවස්ත‍්‍ර නිර්මාණය තිළිණිකා පෙරේරා ‘‘ජුලියස් සීසර් ’’
2013 වසරේ දිගු නාට්‍යය ප‍්‍රශස්ථ පසුතල නිර්මාණය ප‍්‍රදීප් චන්ද්‍රසේකර ‘‘කළු කුමාරී’’