දේශීය ගුවන් ගමනක ආශ්වාදයක් රුපියල් 4 999කට

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකේයන් සඳහා ‍ අබිනවයෙන් ඉදිකළ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත දේශීය ගුවන් ගමනක ආශ්වාදයක් ලබා දීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.
මෙහිදී දේශීය ගුවන් ගමනකදි ප්‍රථම වතාවට, ජාත්‍යන්තර ගුවන් ගමනක ඇති සුවපහසුව හා සේවාවක් අත්විඳීමේ අවස්ථාව ලබා දෙන බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවය ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනු ලබයි. මෙහිදී විදේශ ගමන්වල යෙදෙන මගීන්ට මෙන්ම දේශීය ගුවන් ගමනට එක්වන සැමටත් ගුවන් යානයට ඇතුල් වීමේදීත් , ගුවන් යානය තුළදී සහ පිටතදීත් සුවිසෙස් පහසුකම් හා සේවාවන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් පිරිනැමෙනු ඇත.ආකර්ෂණීය ජලජ සහ වන ජීවී සුන්දරත්වයෙන් පිරි ප්‍රදේශයන් කරා යාමට පහසු ප්‍රවේශයක් සලසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිට, යාල, කුමන සහ උඩවලවේ අභයභූමි සහ මිරිස්සේ ඩොල්පින් මසුන් නැරඹිම සඳහා ජනප්‍රිය වෙමින් පවතින ස්ථාන කරාත් ඉතා ඉක්මනින් ළඟා විය හැකිය.

පිරිමැසුම් පන්තියේ ගමන් කරමින් මත්තලට ගොස් ආපසු ඒමට ඔබට වැයවන්නේ රුපියල් 4,999/-කි. මත්තලට පමණක් නම් රුපියල් 2,999/- පමණි. ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ආපසු ඒමට රුපියල් 16,200/- ක් ද මත්තලට යෑමට පමණක් නම් රුපියල් 9500/-ක් ද ගෙවීමට සිදු වේ.

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද පෙරදැරි කොට, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ සිට බැංකොක්, බීජිං, මාලේ සහ රියාද් නගරයන් කරා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වා දෙනු ඇත.
මූලික අදියරේදී ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ෂැංහයි, රියාද්, මාලේ සහ බීජිං නගරයන් වෙත මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ සිට ගුවන් ගමන් අරඹනු ලබන අතර, වසරක් තුළ ගුවන් ගමන් වාර සංඛ්‍යාව සහ ගමනාන්තයන් වැඩිකෙරෙනු ඇත.

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ සතුව සුරතල් සතුන් රඳවන මැදිරි, අන්තරායක භාණ්ඩ, උෂ්ණත්ව පාලක උපකරණ, රේගු සහ නිරෝධායන ගුවන් බඩු ඇතුළු මෙට්‍රික් ටොන් 60,000ක ධාරිතාවකින් යුත් ගුවන් බහාලුම් හැසිරවිය හැකි මීටර් 5,000ක වපසරියකින් යුත් පරිශ්‍රයක් ඇත.

වැඩි විස්තර සඳහා 1979 හෝ 0197 333 838 (කොළඹ) , 0472 220 527/28 (හම්බන්තොට), 0812 232 494/5 (නුවර), 0912 246 942/3 (ගාල්ල) අමතන ලෙසත් එසේ නැතහොත් ගුවන් ගමන් නියෝජිතයන් අමතන මෙන්ද ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි .

Gossip Lanka Hot News Previous News Archive