සුපිරි බොලිවුඞ් නළු සංජය දත්ට මුම්බායි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 5 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. 1993 වසරේ අපේ‍්‍රල් මාසයේ මුම්බායිහිදී සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකට මොහු සම්බන්ධ බවට තීරණය කළ මුම්බායි ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළා. එහි වගකීම භාරගැනීමට අධිකරණයෙන් සති 4ක කාලයක් ලබා දී ඇති බවද වාර්තා වේ.
1993 වසරේ අපේ‍්‍රල් මාසයේදි සිදුවූ මෙම පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 700ක් පමණ තුවාල ලැබුවා. මෙම සිද්ධියෙන් මාසයකට පසුව සංජය දත් අත්අඩංගුවට ගැණුනු අතර වසර එකහමාරක කාලයක් ඔහු සිරගතව සිටීමෙන් අනතුරුවයි ඔහු නිදහස ලැබුවේ.මෙම බෝම්බ පිපිරිම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සංජය දත්ගේ නිවසේ තිබී ප්රහාරයන්ට සම්බන්ධ ගිනි අවියක් හමුවී ඇති බව සඳහන්.